පසට හානිවන කිසිම පොහොරක් රටට ගේන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉඩ දෙන්නෙ නෑ…

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා රටට පොරොන්දු වෙයි ...

මෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  පවසයි.

මේ වන විට කාබනික පොහොර සාම්පල මිස පොහොර තොග කිසිවක් මෙරටට ගෙනැවිත් නොමැති බවත් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව වුවත් පොහොර තොග රටට ගොඩ බෑමට අවසර ලබාදීම සිදු කෙරෙන්නේ යළි පරීක්ෂා කිරීමකින් අනතුරුව බවත්   ඔහු සහතික වුනේය.

මහනුවර ගන්නෝරුවේදී අද  (19) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආචාර්ය අජන්ත ද සිල්වා මේ බව ප්‍රකාශ කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද පැවසුවේය.

 “මේතාක් කාබනික පොහොර විශාල තොග රටට ඇවිත් නැහැ. පරීක්ෂා කිරීම සඳහා සාම්පල් විතරයි ඇවිත් තිබෙන්නේ. අදාළ රටේ සිදුකළ පරීක්ෂාවකින් පසු නිකුක් කරන සහතිය සමඟ වුවත්   අපේ රටේදී ඒවා නැවත පරීක්ෂාවකට ලක්කරනවා. ඉන්පසුව තමයි නැව් වලින් ගොඩ බෑමට අවසර දෙන්නේ. “

 නීතියට පිටින් කිසිදෙයක් වෙන්නෙ නෑ..

“ ආනයනය කිරීම සැළසුම් කර තිබෙන පොහොර සම්බන්ධව මේ වන විට යම් යම් විවේචන එල්ල වෙනවා. 1999 අංක 35 දරන ශාඛ ආරක්ෂණ පනත යටතේ ලංකාවට ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ගෙන ඒමට කිසිදු අවකාශයක් නැහැ. එවැනි දෙයක් ඇති නොවන්න සියලුම ක්‍රමවේද සකස් කර තිබෙනවා. මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මගින් කෙසේ ගෙනාවත් පරීක්ෂණයට ලක්වෙනවා. ශාඛ නිරෝධායන ආයතනය පිහිටා තිබෙන්නේ මේ කාර්යය සඳහායි.

පනතේ විධි විධාන අනුව ශාඛමය සම්භවයක් තිබෙනවා නම් හෝ ව්‍යාධිජනක තිබෙනවා නම් පරීක්ෂණ වලදී හඳුනාගත හැකියි. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් නිකුත් කර තිබෙන ප්‍රමිතීන්ට අනුකූල වෙන අයුරින් තමයි තමයි කාබනික පොහොර ගේන්න පුළුවන්. එහිදී කෙරෙන එක පරීක්ෂණයක් තමයි කටුනායක ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේදී කෙරෙන පරීක්ෂණය. ව්‍යාධිජනක බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් මෙහි අඩංගු වෙනවාද කියන එක එතනදී බලනවා. මේ තුළින් අපේක්ෂා කරන්නේ යම් කිසි ව්‍යාධිජනක බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් ලංකාවට එන එක වලක්වා ගැනීමයි.

අපි මේ ගෙන එන පොහොර වල නයිට්‍රජන්,පොස්පරස් හා පොටෑසියම් තත්ත්වය පිළිබඳ සොයා බැලීම තවත් විද්‍යාගාරකදී සිදු කරනවා. අනෙක් පැත්තෙන් විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු වෙනවාද කියන එක පරාමාණු බලශක්ති අධිකාරිය හරහා සොයා බලනවා. මේ විදිහට හැම දේම බලලා තමයි පොහොර ගෙන ඒම කරන්නේ. අපි එතනදී පරීක්ෂාවට භාජනය කරන්නේ මේවායින් රටට හානිකර තත්ත්වයක් ඇතිවෙනවා නම් ඒක වලක්වා ගැනීමයි.

බතලේගොඩ සිද්ධිය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වගේම එල්ලවන තවත් චෝදනාවක් තමයි ලංකාවට ගෙන ඒමට නියමිත පොහොර වර්ගවල යම්කිසි කුඩා සාම්පලයක් බතලගොඩ පර්යේෂණාගාරය වෙත ගෙනහිල්ලා තිබෙනවා කියලා.ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව තාක්ෂණික දෙපාර්තුමේන්තුවක්. මේවාහි නයිට්‍රජන්, පොටෑසියම් හා පොස්පරස් සමබන්ධ පරීක්ෂණ විද්‍යාගාරයදී සිදු කරන්න අපිට සිදු වෙනවා. මේපොහොර වර්ග මගින් ශාඛවලට කුමන ආකාරයේ බලපෑමක් තිබෙනවාද කියලා බලන්න ඕන. මේ පොහොර ශාඛ වලට උරා ගන්න පුළුවන්ද කියන කාරණය තහවුරු කර ගන්න ඕන. අනික ඒවායින් පලදාවට යහපත් බලපෑමක් කරනවාද කියන කාරණය තහවුරුකර ගැනීමත් වැදගත්. පාලිත තත්ත්ව යටතේ තමයි පරීක්ෂණ කරන්නේ. ඒවා පසට එකතු කර අවදානම් තත්ත්වයක් ඇතිකරන්න දෙපාර්තමේන්තුව කටයුතු කර නැහැ.

 

Exit mobile version