ජනවාර්ගික ප්‍රජාවන්ට එරෙහි හිංසා සම්බන්ධ ප්රශ්නය මතු කිරීම සඳහා පාකිස්තානයේ පෂ්තුන් නායකයින් සිකුරාදා දින පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ‘ඉස්ලාමාබාද් ජල්සා’ රැලිය පැවැත්වීමට නියමිතය.
පෂ්තුන් තහාෆුස් මූව්මන්ට් (පීටිඑම්) Pashtun Tahafuz Movement ප්‍රධානී මන්සූර් පෂ්ටීන් විසින් බලොක්, සින්ධි, ගිල්ගිට් බල්ටිස්ටන් හා පන්ජාබ් හි අඩු වරප්‍රසාද ලත් කොටස්වල පුද්ගලයින්ට රැලියට එක්වෙමින් සමගිය හා සහයෝගීතාව පෝෂණය කරන ලෙසට ආරාධනා කර තිබේ.
පීටීඑම් යනු පාකිස්ථානයේ Khyber Pakhtunkhwa හා බලුකිස්ථානයේ පිහිටි පෂ්තුන් මානව හිමිකම් සඳහා වූ සමාජ ව්‍යාපාරයකි. පෂ්තුන් වාර්ගික අයිතීන් වෙනුවෙන් සටන් කරන පෂ්තුන් තහෆුස් ව්‍යාපාරයේ නායකයින් බිය ගැන්වීම් හා අත්අඩංගුවට ගැනීම්වලට මුහුණ දී ඇත.
මේ හේතු නිසාවෙන් පෂ්තුන් ජනතාව සම්බන්ධයෙන් අධිකරණයේ හා රජයේ අවධානය යොමු කරවා ගැනීමට රැලිය පැවැත්වීමට තීරණය කර ඇතැයි ‘ඒඑන්අයි’ වෙබ් අඩවිය වාර්තා කරයි.