පලස්තීන සටන්කාමී නායකයෙකු ඉලක්ක කර තවත් ගුවන් ප්‍රහාරයක්

Yahya sinwar

පලස්තීන සටන්කාමී නායකයකු වන යායියා සින්වා රැදිසිට නිවස ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරයි.

නවතම විඩියෝවක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ තමන් සාර්ථකව සිය ඉලක්කය විනාශ කළ බව ප්‍රකාශකර ඇත.

බීබීසී පුවත්සේවය වාර්තා කරන අන්දමට ගාසා හි සිටින සිය පුවත් මූලාශ්‍ර මෙම ප්‍රහාරය පිලිබඳ සානාත කර ඇති අතර එහෙත් ප්‍රහාරයේ පලස්තීන් සටන්කාමී නායකයාට හානියක් සිදුවුවාද යන්න පිළිබඳ තවත් කරුණු අනාවරණය කරගැනීමට නොහැකි වූ බවද එම පුවත්සේවය වැඩිදුරටත් සඳහන් කරයි.


මේ අතර පලන්තීනය සෞඛ්‍ය අංශ පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 33 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බවයි. මියගිය පිරිසට ළමුන් 8දෙනෙකුද ඇතුලත් බව වාර්තාවේ. මීට අමතරව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද ඔවුන් සඳහන් කර ඇති බවට බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

සදුදා සිට මේවන තෙක් පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර 3000ක අධික සංඛ්‍යවක් ඊශ්‍රායල පාලන ප්‍රදේශ වෙත එල්ල කර ඇති අතර ඊට තදින්ම ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

ඊයේ දිනයේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා හී මාධ්‍යවේදීන් රැදී සිටි ගොඩනැගිල්ලකටද ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කළේය.

ගාසා තීරයේ උදගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද රැස්වීමටද නියමිතය.

මේ අතර පලස්තීනයට සහය පලකරමින් ලොවපුරාම විරෝධතා රැලිමාලාවක් ආරම්භ වී ඇති අතර ප්‍රංශයේ පැරිස් නුවර පැවති රැලිය තහනම් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඉන්දියාවේ පාලනයට නතු කාෂ්මීර ප්‍රදේශයේ පලස්තීනයට සහය පළකරමින් පැවති විරෝධාවලදී විරෝධතාකරුවන් 21දෙනෙකු අත්ඩංගුව ගෙන ඇත. ඔවුන්ට එල්ලවී ඇති චෝදනා වන්නේ මහජන සාමයට බාදා කිරීමයි.

Exit mobile version