පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

මනම්පිටිය නිමල් ජයරත්න –

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙක්  කඳවුර පරිපාලකයින්ගේ පහර දීමකට  ලක්වී  ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් මුල් කරගෙන මේ වනවිට හමුදාව සහ රැඳවියන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මේ වනවිට  පහර දී මරා දැමූ බව කියන රැඳවියාගේ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා නොදී මාධ්‍ය ආවරණයක් සඳහා පැමිණෙන තුරු රැඳවියන් විසින් තබා ගෙන ඇත.

රැඳවියන් ප්‍රකාශ කරන්නේ මේ සිදුවූයේ ඝාතනයක් බවත්, ඊට සාධාරණයක් අවශ්‍ය බවත්, නැවත මෙවැනි මිනී මැරුම් මෙවැනි කඳවුරක සිදු නොවිය යුතු බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පිරිසක් කඳවුරේ  ආරක්ෂක වැටවල් කඩාගෙන පිටට පැමිණ ඇති බවත් වාර්තා වේ.


Exit mobile version