“පරාජයේ වගකීම භාරගෙන නව ජවයකින් යළි එනවා”- එජාපය කියයි

මෙවර මැතිවරණයේදී අතිවිශාල පරාජයක් ලබා ගත්තද එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්රතිව්යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන බව එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය විසින් පළමුව නිකුත් කළ නිල නිවේදනය මෙයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලට විපක්ෂයේ මුහුණ දුන් බවත් තමන්ගේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථකවීම්වල අඩුපාඩුවල ද වගකීම භාරගන්නා බවත් එම නිවේදනයේ සඳහන් වේ.


Exit mobile version