පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරයේ බාරයක් ඔප්පු කරන්න අලුත් සහල් මංගල්‍යය අලුත් වෙයි…

පරාක්‍රම සමුද්‍රයේ වෑදකන්ද මත රොෂාන් රණසිංහගෙ ඇවිදින මං තීරුව අසාර්ථක කිරීමට දෙවියොත් ගොවියො දිහා බලලා...

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 35ක එකමුතුවෙන්, පොලොන්නරුව ත්‍රෛනිකායික  මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මහ කන්නෙ අලුත් සහල් මංගල්‍යය පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම අබියස පිහිටි  ගණදෙවි දේවාලය අසලදී අද  09    පෙරවරුවේදී  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම විනාශකර  ඇවිදින මං තීරුවක් ඉදිකිරීමට පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාලකයෙකු ගත් තීන්දුවට  දින 255 පිරරෙන දිනයෙහි එම විනාශ කාරී කටයුත්ත අසාර්ථක වීම්ට ගොවි ජනතාව සිදු වූ භාරයක් ඔප්පු කිරීම වශයෙන් මෙම මංගල්‍යය සිදු කරන බව කියැවිනි.

උතුරු මැද පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක,  කදුරුවෙල ජයන්ති මහා විහාරයේ  විහාරාධිපති පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති, පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්   පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛනිකායික මහා සංඝ සංඝරත්නයේ පනස් නමක්  වැව් බැම්ම මතින් වැඩම කරවමින් මෙම අලුත් සහල් මංගල්‍යය   පරාක්‍රම සමුද්‍රය අභියසදී මහා සංඝරත්නයේ ආශිර්වාදය පැවැත්වීම විශේෂත්වයකි.


පරාක්‍රම සමුද්‍ර  ගොවි ව්‍යාපාරයේ සභාපති ජගත්  කීර්ති   ඇතුළු ගොවිසංවිධාන 35  ක නියෝජිතයින්  මෙම අවස්ථාවට සහ සහභාගී වී සිටි අතර පිරිකර ලෙස සහල් කිලෝ 10 බැගින් වැඩම කර සිටි මහා සංඝ සංඝරත්නයට ගොවි සංවිධාන විසින් පූජා  කෙරිනි.

මෙහිදී ගරුතර මහා  සංඝරත්නය විසින් පරාක්‍රම සමුද්‍රය ඉදිකරන ලද  පරාක්‍රමබාහු  රජතුමාට මෙන්ම සියලුම රජවරුන්ටත් එකල ගොවි  නායකයින්ටත් පිං අනුමෝදන් කරමින් විශේෂ ආශිර්වාදයක්ද සිදු කළහ.

ගරුතර මහා සංඝ සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද පරාක්‍රම සමුද්‍රය උදෙසා පිරිත් පැන් මුසු කිරීම්ද මෙහිදී සිදුවිය.

මෙහිදී අනුශාසනාවක් පවත්වමින් කදුරුවෙල ධම්මපාල නාහිමියන් සඳහන් කළේ  පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම විනාශකර  ඇවිදින මං තීරුවක් ඉදිකිරීමට පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාලකයෙකු ගත් තීන්දුවට අදට දින 255 ක් වන බවත්, එම විනාශ කාරී කටයුත්ත අසාර්ථක වීම්ට ගොවි ජනතාව සිදු වූ භාරයක් ඔප්පු කිරීම වශයෙන් මෙම මංගල්‍යය සිදු කරන බවත්ය.

පරාක්‍රම සමුද්‍ර  ගොවිජන ව්‍යාපාරයේ සභාපති ජගත් අරුණ කීර්ති   සඳහන්  මහා සංඝ සංඝරත්නයේ වැඩම කරමින් අලුත්  සහල් මංගල්‍යය සිදු කළේ ඉතිහාසයේ පළමු වරට බවත්, මින් ඉදිරියට වාර්ෂිකව මෙම මංගල්‍යය සිදුකරන බවත් පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත ඇවිදින මංතීරුව ඉදි  කිරීමට බලධාරීන් තීරණයට එරෙහිව මහා  සංඝරත්නය නැගී සිටීම හා ඊට ආශිර්වාද කිරීම   ගොවි ජනතාවට මහත් ශක්තියක් වූ බවත්,  එදා ඇවිදින මන්ත්‍රීවරු ඉදිකළේ නම් මේ අයුරින් අලුත් සහල් මංගල්‍යයක් පැවැත්වීමට ගොවි ජනතාවට ඉඩකඩ නොලැබෙන බවත්යි.

මහා සංඝ සංඝරත්නය ඒකරාශී කරගනිමින් ඉදිරියේදී කිසිදු රජයකට හෝ බලධාරියෙකුට පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත ඇවිදින මන්ත්‍රීවරුවක් ඉදිකිරීමට පොළොන්නරු  ගොවිජනතාව ඉඩ නොතබන බවද අරුණ කීර්ති  සඳහන් කළේය’

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට පොළොන්නරු දිස්ත්‍රික්කයේ  වෙහෙර විහාර නියෝජනය කරමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා හැටකට ආසන්න පිරිසක් වැඩම කර සිටි  අතර රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ,

Exit mobile version