පර්ල් එක්ස්ප්‍රස් විනාශයෙන් මුහුදු ජීවින් මිය ගිහින්.. පරිසර අමාත්‍යාංශ කියයි.

Fish

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් විෂ රසායන ද්‍රව්‍ය මුහුදට එක්වීම නිසා මත්ස්‍යයන් අතුළු මුහුදු ජීවින් මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංහය ප්‍රකාශ කරයි.

ඒ අනුව මිය ගිය මත්ස්‍යයන්ගේ කොටස් යොදා ගනිමින් නාරා ආයතනය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි

එහෙත් නාරා ආයතනයෙන් මේ සම්බන්ධව කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ වත්තල සිට පානදුර තෙක් මුහුදු තීරයේ කළ නිරීක්ෂණවලදී මත්ස්‍යයන් හා මුහුදු ජීවින්ට විශේෂ හානියක් නැවේ ගින්න හරහා සිදු වී ඇති බවට තවම නිශ්ඡිත සාධක හමු වී නැති බවය.

තමන් විසින් එකතු කරගත් සාම්පල හා නාරා ආයතනයට ලැබුණු මත්ස්‍ය සාම්පල හෙට පර්යේෂණාගාරයක් තුළ පර්යේෂණයට ලක් කරන බව ද එම ප්‍රකාශකයා පැවසීය.

ඔවුන්ගේ නිරීක්ෂණවලට අනුව පෙනී ගොස් ඇත්තේ මේ කාලපයේ මත්ස්‍ය ගහණය කලාපයෙන් ඉවත් වී ඇති බව හා අනතුරට ලක් වනවා නම් ඒ අවදානම ඇත්තේ කොරල් හා වෙනත් ගල්පර ආශ්‍රිතව ජීවත්වන මත්ස්‍යයන් බවය.

Exit mobile version