පරණ විදියටම රට ඇරෙන තීරණයක්!

මංගල උත්සව, සිනමාශාලා ,ආපනශාලා, හෝටල්‌ සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි වහා යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයට පෙර 25% ක්‌, 50% ක්‌ ආදී වශයෙන්‌ මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.

කෙසේ වෙතත්‌ එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයා හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්‍රයන්හි කුමන සීමාවන්‌ තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බව හෙතෙම පැවසීය.


විශේෂයෙන්‌ මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා නිබීම , දුරස්ථභාවය ආදී කරුණු අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කරන පිරිස්‌ හා ඒ සඳහා එක්වන පුරවැසියන්‌ සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛා පිළිවෙත්‌ පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතු බවත්‌ එසේ නොවුවහොත්‌ යළි මේ සම්බන්ධයෙන්‌ යම්‌ යම්‌ දැඩි තීන්දු ගැනීමට සිදු වන බවත්‌ ඒ මහතා කීය.

කොචිඩ්‌ වාසනය තුළ රට සාමානාකරණය කරා ගෙන යාමේදී දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතු බවත්‌ එහිදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන්‌ කෙටිකාලීන වැඩපිළිවෙලට නොයන ලෙසත්‌ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මේ අතර අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන්‌ සඳහා බූස්ටර්‌ එන්නත ලබාදීමට අද (24) තීරණය කෙරුණු බව
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස්‌ කෙරෙන බවද අමාතාවරයා අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (24) විශේෂ ප්‍රකාශයක්‌ කරමින්‌ අමාත්‍යවරයා මේ බව සඳහන්‌ කළේය.

මේවනවිට අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන්‌ සඳහා බූස්ටර්‌ එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.

මෙලෙස අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන්‌ සඳහා බූස්ටර්‌ එන්නත ලබා දීම මෙරට ආරම්භ කළද ලොව ඇතැම්‌ රටවල්‌
එය ලබාදීම ආරම්භ කරන ලද්දේ අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ගෙන්‌ බවත්‌ හෙතෙම පෙන්වා දෙයි.

මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඒ සඳහා සහයෝගය ලබා දෙන ඉදිරි පෙළ කණ්ඩායම්‌ සඳහා බූස්ටර්‌ එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර එය මේ වනවිට එය 380,213 දෙනෙකුට ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට සමස්ත ජනගහනයෙන්‌ 73ට එන්නත ලබා දී ඇතැයිද ඉදිරි දින කිහිපය තුළ 75% ක ඉලක්කයක්‌ සඳහා යන වැඩපිළිවෙල ඒ අනුව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙය රටේ සමස්ත ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්‌ බවද හෙතෙම කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ළමුන්‌ සඳහා වන එන්නත්කරණය ලක්ෂ 11 ට ආසන්න ප්‍රමාණයකට මේ වන විට ලබා දී ඇතැයිද ඉලක්කගත ප්‍රමාණයෙන්‌ තවත් ලක්ෂ 02 ට ආසන්න ප්‍රමාණයක ලබාදීමට වැඩපිළිවෙල සකස්‌ කර ඇතැයිද ඒ මහතා කීය.

Exit mobile version