පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…

පානදුර සුමිත් පොතුපිටිය –

පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයකු අද (5) පස්වරුවේ මුහුදේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු බව සදහන් වේ.

අතුරුදහන්ව ඇති තරුණයා තවත් තරුණයින් තිදෙනෙකු සමග පයාගල දියලගොඩ ප්‍රදේශයේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පැවසේ.

ප්‍රදේශවාසීන් අද පස්වරුවේ තරුණයා සෙවිම   සිදුකරන ලදී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වති .

Exit mobile version