පනාගොඩ කඳවුරේ ගිනි අවි සොරකමේ පරීක්ෂණ කෙළවර දකින විට   එය  HIV ආසාදිතයන් සොයන පරීක්ෂණයකට හැරෙයි!

හමුදාවේ සාජන් මේජර්වරයෙක් ලෙස පෙනී සිටිමින්  පසුගිය 03 සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ මුර කුටියකින් ටී. පනස් හය ගිනි අවියක් සහ පතොරොම් ගැබ් තුනක් රැගෙන පලා ගිය 30 හැවිරිදි හිටපු යුද හමුදා සෙබලා එච්.අයි.වී ආසාදිතයෙක් බව හෙලි වීමත් සමග මෙතෙක් දියත් කර නිමාවට පැමිණ තිබූ පරීක්ෂණ වෙනත් අතකට යොමු වී තිබේ.

මේ වනවිට ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින්  විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයා ගිනි අවිය පැහැර ගන්නේ හමුදා ක්‍රීඩා ඇඳුමකින් සැරසී පැමිණ සාජන් මේජර් වරයෙක් ලෙස සිදුකළ සූක්ෂම රංගනයකින් අනතුරුවය.

ඉකුත් 3 වැනිදා සවස 6.30ට පමණ  හමුදා ක්‍රීඩා ඇඳුමකින් සැරසී  පනාගොඩ යුද හමුදා කඳවුරේ පිටිපන මුරකුටිය වෙත පැමිණි මෙම පුද්ගලයා  තමා හමුදා සාජන් මේජර්වරයා ලෙස හඳුන්වා දෙමින්  මුරකුටියේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළා ඉදිරියේ හමුදාවේ කාර්යභාර නිලධාරියාට   දුරකථන ඇමැතුමක් දී තිබේ.


අනතුරුව කාර්ය භාර නිලධාරියාට රාජකාරියේ සිටි සෙබලා ඉදිරියේ  “මචං මම මේ කොල්ලව පොඩ්ඩක් කඩේට යවනවා” යනුවෙන් පවසා සිගරට් දෙකක් සහ බුලත් විටක් රැගෙන එන්නට සෙබලා කඩේට යවා ඇත්තේ ගිනි අවිය සහ පතරොම් ගැබ් බලාගන්නා බවට පොරොන්දු වෙමිනි.

සෙබලා නික්ම ගිය පසු ගිනි අවිය සහ පතරොම් ගැබ් රැගෙන පලා ගිය මෙම තැනැත්තා අනතුරුව තමන් සමග සමීප ඇසුරක් පවත්වන ගොඩාගම ප්‍රදේශයේ හිමි නමක් වැඩ ඉන්නා පන්සලකට ගොස් පන්සලෙන් නාගෙන ගිනි අවිය රැගෙන යෑමට බෑගයකුත් රැගෙන පිටත් වී ඇත.

පසුව දීර්ඝ විමර්ශනයකින් පසු මෙම පුද්ගලයා ගිනි අවිය අලෙවි කිරීමට යෑමේ දී අත්අඩංගුවට ගන්නේ ගම්හප කඳවුරක සේවය කරන,  හමුදා සැරයන්වරයකුත් සමගය.

අපරාධකරුට ආධාර දීමේ චෝදනාව මත මෙම හිමි නම පොලිස් අත්අඩංගුවට පත් වී ඇප මත මුදා හැර සිටියේය.

ප්‍රශ්නය වෙනත් අතකට යන්නේ මෙම පුද්ගලයා සම්බන්ධව කළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඔහු දීර්ඝ කාලීන එච්.අයි.වී ආසාදිතයෙක් බව හෙළි වීමත් සමගය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සමග ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ  බව කියන හිමි නම, ගම්හප හමුදා සැරයන්වරයා සහ වෙනත් පුද්ගලයින් සම්බන්ධව විශේෂ අවධානය යොමු කරමින් වෛද්‍ය  පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

Exit mobile version