පණ පිටින් වල දැමූ බිළිඳිය පණ පිටින්ම ගොඩ ගනී… ළදැරිය දැඩි සත්කාර ඒකකයේ..

ඉන්දිකා රාමනායක –

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ ගැහැනියක්  බිහිකළ  බිලිඳියක පණපිටින් වලා දමා තිබියදී    බේරාගත් බව චාවකච්චේරිය පොලිසිය පවසයි .

ගොඩගත් බිළිඳිය දැනට යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය  කියයි.

චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් නිවස පිටුපස පණ පිටින් වළ දමා ඇති බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව චාවකච්චේරි පොලිසියේ කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන ඇත.


බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බවට තහවුරු වීම නිසා පොලිසිය වහාම ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය රෝහලට මාරු කර යවා තිබේ.

පොලිසිය විසින් බේරාගත් බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපන් හැටි බිලිදිය පණ පිටින් වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

Exit mobile version