පට්ට හොරු මුදල් ඇමති කරලා අපෙන් අහනවා ඔයාලගෙ මුදල් ඇමති කවුද කියලා – අනුර

අවශ්‍ය වෙනස ප්‍රශ්න කරන ලෙසත්, ලෝකය ඉදිරියට යන්නේ වෙනස්වීම් වලින් පමණක් බවත් පවසන ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  වෙනස දහසක් කරුණු පදනම්ව ප්‍රශ්න කිරීම යහපත් දෙයක් යැයි කීවේය.

“පුරුද්දට කතිරය ගසා පට්ට හොරු මුදල් ඇමති කරනවා.  අපෙන් අහනවා ඔයාලගේ මුදල් ඇමති කවුද කියලා.“

අනුර කුමාර දිසානායක සිය වෙනස් දේශපාන ගමන සම්බන්ධවව අද ජන හමුවක්  අමතමින් මෙසේ ද පැවසුවේය.


“මේ රට තවදුරටත් ජීවත්වෙන්න සුදුසු නැති රටක් බව අප කාටත් ඔප්පුවෙලා ඉවරයි.  මේ ණය වීමේ ප්‍රතිපඵල, අපේ සම්පත් විකිණීමේ ප්‍රතිඵල,  ඩොලර් ටික හදා ගැනීමට බැරි වීමේ ප්‍රතිඵල මේ එකක්වත් ස්වභාවක අතුරු අන්තරා නොවෙයි. මේ සියල්ලම මේ රටේ දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රතිඵලයක්.“

“අර්බුදය  නිර්මාණය කරලා තියෙන්නෙ දේශපාලනයෙන් නම් මේකට උත්තර තියෙන්නෙත් දේශපාලනයෙන්. අපි සාමාන්‍යයෙන් කියන්නෙ ළිං කටින් වැටුනු මිනිහා ළිං කටින්ම ගොඩඑන්න ඕනි කියලා.  ඒ නිසා තවදුරටත්  අප බිඳකුදු හෝ  අපේක්ෂාවක්  තබා ගත යුතු නෑ මේ කඳවුරු දෙක මොන නායකයගෙන් ආවත්  මේ රට හදයි ඉස්සරහට යයි කියලා“.

“අපි අලුත් දේශපාලනයක් මේ රට හැදීම සඳහා තෝරාගත යුතුයි. “

“සහෝදරයා හරි යයි ද? “ අපෙන් අහනවා.

“වැරදුනත් 5 නෙ.“

“මම කියන්නෙ වරදින්නෙ නැහැ.  වෙනසක් කරන්න යනකොට දහසක් ප්‍රශ්න අහනවා. මොනවද  නොහන්නෙ.“

“පුරුද්දට යනකොට… පුරුද්දට ඉතින් ගිහින් කතිරෙ ගහනවා. වෙනසට  අහනවා මොනව වෙයිද, ඇත්තද , ඔයගොල්ලන්ගෙ විදෙස් ඇමති කවුද,  මුදල් ඇමති කවුද කියලා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පට්ට හොරු මුදල් ඇමති වෙලා. අපෙන් අහනවා ඔයගොල්ලන්ගෙ මුදල් ඇමති කවුද කියලා.  ඒ නිසා වෙනස ප්‍රශ්න කරන්න. වෙනස තමයි අවශය.  වෙනස තමයි ලෝකය ඉස්සරහට ගෙනිහින් තියෙන්නේ. “

 

Exit mobile version