පකිස්ථානය හමුවේ ඉන්දියාව කුජීත වෙයි… පකිස්ථානයට කඩුළු 10ක ජයක්!

ලෝක අවධානය යොමු වූ ලෝක කුසලාන සුපිරි වටයේ තරගයක් වන පකිස්ථාන ඉන්දියා තරගයෙන් ඉන්දියාව අන්ත පරාජයකට ඇද දැමූ පකිස්ථාන කණ්ඩායම  කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළේය. ඔවුන්  ඒ ජයග්‍රහණය අත්කර ගන්නේ පන්දු 13ක් ඉතිරිව තිබිය දී ය.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුතින් ලියූ පකිස්ථානු ආරම්භක පිතිකරු යුවල වූ මොහොමඩ් රිස්වාන් සහ  බබාර් අසාම් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 152ක   සම්බන්ධතාවයක් ගොඩනගමින් පකිස්ථානය  කඩුලු 10ක ජයග්‍රහණයක් කරා රැගෙන ආවේය.

මොහොමඩ් රිස්වාන්  පන්දු 55 ක දී ලකුණු 79ක් රැස කළේ හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමගිනි.


බබාර් අසාම් පන්දු 52ක දී ලකුණු 68ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

අයිපීඑල් හරහා පුම්බා ගත් ඉන්දියානු විස්සයි 20 බැලුම් බෝලය පකිස්ථානු ආරම්භක පිතිකරුවන් දෙපළ පුපුරුවා දැම්මේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දැමීමට පකිස්ථානු පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දියානු ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ කේ.එල් රාහුල් ලකුණු 06ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට පකිස්ථානු පන්දු යවන්නන්ට හැකි විය. රෝහිත් ෂර්මා දැවී ගියේ තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීමය.

ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පිතිකරණයක යෙදුනේ විරාට් කෝලි සහ කඩුලු රකින රිෂාබ් පාන්ට් පමණි. කෝලි පන්දු 49ක දී ලකුණු 57ක් රැස් කළේය. ඒ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමගිනි.  රිෂාබ් පන්දු 30ක දී ලකුණු 39ක් රැස් කළේය. ඒ හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගිනි.  ඉන්දියානු ඉනිම කඩුළු 07ක් දැවී ලකුණු 151කට සීමා විය.

පකිස්ථානය වෙනුවන් විශිෂ්ට පන්දු යැවීමක් සිදුවන්නේ ශහීන් ඇෆ්රිඩි අතිනි. ඔහු පන්දු ඕවර 04 තුළ ලකුණු 31කට ඉන්දීය කඩුළු 03ක් දවා ගත්තේය. හසන් අලි පන්දු ඕවර 4 දී ලකුණු 44ට කඩුලු 02ක් දවා ගත්තේය. ෂඩාබ් ඛාන්  පන්දු ඕවර 04 දී ලකුණු 22කට එක් කඩුල්ලක්, හරිස් රවුෆ්  පන්දු ඕවර 04ක් යවා ලකුණු 25ට කඩුල්ලක් දවා ගෙන තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පකිස්ථාන ආරම්භක පිතිකරු යුවල විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළහ. මොහොමඩ් රිස්වාන් සහ බබාර් අසාම්  විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ අමරණීය මතක සටහනක් තැබූහ.

මෙම පිතිකරු යුවල ඉන්දීය පන්දු යවන්නන්ට ක්‍රීඩාව එපා කරනු දුටුවෙමු. විරාට් කෝලිට මෙම පීඩාව දරාගත නොහැකි තරම් වූ අයුරු ඔහුගේ හැසිරීමෙන් ප්‍රකට වූයේය. ලෝක කුසලානායක් නැති වීම දරාගත හැකිය. නමුත් ඉන්දියාව පාකිස්ථානය  හමුවේ කුජීත වීම තරම් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ව පුපුරුවා හරින   අත්දැකීමක් නොවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එකම කඩුල්ලක්වත් නොදැවී වාර්තාගත සම්බන්ධයක් ගොඩනගමින් පකිස්තානු කණ්ඩායම පන්දු ඕවර 17.5ක දී ජයග්‍රහණය සනිටුහන්  කළේය. ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් බිහිසුණු බිඳවැටීමකය

Exit mobile version