පකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර  ඝාතන සැකකරුවන් 89කට අධි චෝදනා… නඩුව යළි හෙට කැඳවයි!

ඝාතනය වූ ප්‍රියන්ත

පකිස්තානයේ කියල්කොට්හි රාජ්කෝ නැමැති  කර්මාන්ත ශාලාවේ කළමණාකරුවෙක් ලෙස සේවය කළ ශ්‍රී ලංකික කළමනාකරුවෙක් වූ  ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය සම්බන්ධයෙනක් පකිස්තානයේ ත්‍රස්ත විරෝධී අධිකණයක් මගින් පුද්ගලයින් 89 දෙනෙකුට ඊයේ ( 13) අධි චෝදනා ගොනු කර ඇති අතර අදාල නඩුව හෙට ( 14 ) කැඳවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෙට නඩු විභාගයේ දී  පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14 දෙනෙකු අධිකරණයට කැඳවා තිබේ.

49 හැවිරිදි ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේ  සියල්කොට්හි දී පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදා මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබුවේ දේව අපහාස සිදුකළේ යැයි චෝදනා කරමිනි.


පකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති ප්‍රතිපාදන යටතේ   රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් හි කම්කරුවන් 900 කට එරෙහිව විමර්ශන  ආරම්භ විය.   පසු ගිය කාලය තුළ සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර දේශපාලනඥයන්, විද්වතුන් සහ සිවිල් සමාජ සාමාජිකයන් අපරාධකරුවන්ට කඩිනම් දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.  මෙම සිද්ධිය පාකිස්තානය පුරා   හෙළා දැකීමට ලක් විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයේ විනිසුරු නටාෂා නසීම් විසින් ලාහෝර්හි  ඊයේ  නඩුව විභාගයට ගත් අතර සඳුදා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14 දෙනෙකු කැඳවා ඇත.  මේ අවස්ථාවේ දී  චූදිතයන් සියලු දෙනා තමන් නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් වීඩියෝ දර්ශන, ඩිජිටල් සාක්ෂි, DNA සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, මැර පිරිසෙන් ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ කුමාරගේ සගයා ඇතුළු ඇසින් දුටු සාක්ෂිකරුවන් විමර්ශනයේ කොටසක් බවට පත් කර ඇත.

කම්හලේ ඩිජිටල් වීඩියෝ රෙකෝඩර 10ක දර්ශන අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා යවා ඇති අතර, සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන සහ විත්තිකරුවන් 56 දෙනෙකුගේ ජංගම දුරකථනවලින් ලබාගත් දර්ශන මගින් විත්තිකරුවන් සොයා ගත් බව එහි සඳහන් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ගේ අපරාධයට සමාව දිය නොහැකි බවත් දැඩි දඩුවම් දිය යුතු බවත් එහි දක්වා ඇත.

 

Exit mobile version