පකිස්තානයේ දිස්ත්‍රික්කයක ළමා මරණ අසාමාන්‍ය ලෙස ඉහළට

පකිස්තානයේ විශාලතම හින්දු ජනගහනයක් වෙසෙන තර්පාර්කාර් දිස්ත්‍රික්කය තුළ වාර්තා වන ළමා මරණ දිගුකාලීන ගැටලුවක් වී ඇතිබව එරට වාර්තා සදහන් කරයි.

සින්ද් ප්‍රාන්ත රජය මෙම ගැටලුව විසදීම සදහා නිසි උනන්දුවක් නොදක්වන බවට‍ ද මේ වන විට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.

ගතවූ 2021 වර්ෂයේ දී විවිධ සංකූලතා සහ රෝග හේතුවෙන් තර්පාර්කාර්හි ළමුන් 600 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වූ අතර 2019 දී එය මරණ 500 ක් ලෙස වාර්තා විය.


මෙම වසරේ පළමු මාසයේ ගතවූ කාලසීමාවේදී ද ළමා මරණ 36 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙම මරණවලට හේතුව මාතෘ සංකූලතා , රක්තහීනතාවය, නියුමෝනියාව, සරම්ප සහ ශ්වසන රෝග වැනි තත්වයන් බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රාන්ත රජය මෙම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීම හිතාමතාම නොතකා හරින බවත් සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව මෙහි සෞඛ්‍ය පහසුකම් දුර්වල බවටත් එරට වාර්තාවක දැක්වේ.

Exit mobile version