තමන්ට ලැබී ඇති නිදහස ලබා දීම සඳහා හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර මහත්වරුන් විශාල කැපකිරීමක් සිදුකළ නමුත් දේශපාලන පක්ෂ මාරුකිරීම තමන්ගේ විෂය නිර්දේශය තුළ නැතැයි අද නිදහස ලැබූ රන්ජන් රාමානයක පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ නිදහස ලැබීමේන් පැවති පසු පළමු පුවත්පත් සාකච්ඡාවට සහභාගී වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුර දෙමිනි. රන්ජන් රාමනායක සමගි ජන බලවේගයේ විශාල කණ්ඩායමක් සමග එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් කර තිබූ ප්‍රකාශයක් පදනම් කරගෙන මාධ්‍යවේදියා මෙම ප්රශ්නය රන්ජන් රාමනායකගෙන් විමසා සිටියේය.
තමන් සිරගතවු දා සිට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් නිදහස ඉල්ලා සිටිමින්, තමන් අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ පැදුරක් නොමැතිව සිටිය දී පැදුරක් මෙට්ටයක්, ඉඳගැනීමට පුටුවක් ලබා දීමේ සිට අධ්‍යාපන කටයුතු සඳහා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර මුල සිටම තමන්ගේ දුක සැප විමසූ පුද්ගලයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා බව ඔහු කීවේය
මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඇමතිවරුන් තමන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ බව කී රන්ජන් රාමනායක ජිනීවාගොස් ඔවුන්ට සන්දේශයක් භාරදීමට ඇවැසි වීසා පහසුකම් සකස් කර දීමට මැදිහත් වූයේත් විපක්ෂ නායකවරයා බවත් සිහි කළේය.
විදේශ රැකියා ක්ෂේත්රයේ තමන්ගේ අතීත කැපවීම සම්බන්ධව ඇගයීමක් කර හිත මිත්‍ර මනුෂ නානායක්කාර ලබා දුන් තනතුර සම්බන්ධ තවම තීරණයක් ගෙන නොමැති බව කී රන්ජන් රාමානයක කෙසේ වෙතත් තමන්ගේ විෂය නිර්දේශය තුළ පාවාදීම්, හොරකම්, පක්ෂ මාරු කිරීම් නැති බව පැහැදිලි කළේය. එමෙන්ම ගරු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තමන්ට මෙම නිදහස ලබා දීමට මැදිහත් වන්නේ එක් කොන්දේසියක් පිට බවත් එනම් දූෂණ විරෝධී සටන නොනවත්වා පවත්වා ගැනීම බවත් තමන් ඒ පොරොන්දුව ආරක්ෂා කරන බවත් රන්ජන් රාමනායක පැවසුවේය.
ඔහු මෙසේ ද කීවේය.“
“මාව සිරගත කළේ 2021 ජනවාරි 12 වැනිදා. එදා සිට මා සමග කතා කිරීම තහනම්කරලා තිබුනේ. මා සිරගත වෙලා ඉනන් අවධියෙ කතා කළානම් මා සමග හිටිය බන්ධනාගාර නිලධාරින්ට රැකියාව අහිමි වෙනවා“
“මට අද හම්බවෙලා තියෙන්නෙත් කොන්දේසි සහිත සමාවක්. යම් යම් විෂයන් ගැන කතා කිරීම සපුරා තහනම් . එහෙම කතා කළොත් මට හිමි වී තිබෙන අත්හිටවූ සිරදඬුවමක් ක්‍රියාත්මක වෙනවා මුල ඉඳන්. එක වචනයක් වැරදුනොත් අයුතු ජනරාශිය වගේ චෝදනා එල්ලවුනොත් නැවත මට සිරගත වෙන්න වෙනවා අවුරුදු පහකට. බොහෝ දේවල් තියනවා මට කොන්දේසි දාලා. මට පරණ පුරුදු විදිහට කතා කරන්න ආසයි. ඒත් බෑ. ඒ ගැන මම ඉන්නේ කණගාටුවෙන්. නමුත් කරන්න දෙයක් නෑ. මේක තමයි අපි මුහුණ දෙන්න වෙලා තියන යථාර්ථය.““
“මගෙ යුනිට් එක හදලා තියෙන්නේ ඩිවයිස්එක ටියුන් කරලා තියෙන්නෙ ඇත්තම කතා කරන්න. නමුත් ඒක කරන්න අමාරුයි. මා පහුගිය කාලෙ යූත් ඇන්ඩ් කමියුනිටි ඩිවලප්මන්ට් ලීඩර් ෂිප් ඩිවලොප්මන්ට් කියන බැචුලර් ඔෆ් ආර්ට් ඩිග්රි එක කළා. විවෘත විශ්විද්‍යාලයෙන්. එයින් මා ඉගනගත්ත දේවල් තියනවා. ඔබ අහන ඇතැම් ප්රශ්නවට පිළිතුරු නොදී සිටීමේ අයිතිය තියනවා. ඒත් මගෙ හිතෙ තියන දේ වලක්වන්න කාටවත් බෑ.“
“මේ ලැබුන සමාව ගැන අතිගරු ජනාධිපති තුමාට ස්තුතිවන්ත වෙනවා. කොන්දේසි සහිත සමාව හරි මට ලැබුනෙ එතුමාගෙ අත්සනින්.“
“එක දිගටම විපක්ෂ නායකයා ඉල්ලද්දි හිටපු ජනාධිපතිතුමා මගහැරියා. .පස්සේ හතර දෙනෙක් මග මරපු කෙනෙකුට ජනාධිපති සමාව දුන්නා. අපි දිගටම ඉල්ලුවා. නමුත් මට ලැබුනෙ නෑ. රස්තිියාදු කළා.“
“වත්මන් ජනාධිපතිතුමා අගමැති තුමා වෙලා ඉද්දි සමන් ඒකනායක මහත්මයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එවලා කිව්වා අනිවාර්යයෙන් මට සමාව දෙනවා කියලා ජනාධිපති වු විගස. ඒ පොරොන්දුව ඉෂ්ට කළා. ඒකට ස්තුතියි. “
“විජේසදාස රාජපක්ෂ ගරු ඇමති තුමා මා වෙනුවෙන් සියලු දේවල් කළා. අගවිනිසුරුතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. “
“ඒ වගේම හිරේ ගිය දා සිට සජිත් ප්‍රේමදාස මැතිතුමා, පැදුරක්වත් නැතිව බිම දාල හිටපු මට පැදුරක් මෙට්ට්යක් පුටුවක් අරන් දෙන්න පවා මැදිහත් වුනා.
මං හැමදාම තිත්ත ඇත්ත කතා කළා. ජිනීවා යද්දි හරීන් ප්‍රනාන්දු මැතිතුමට හා මනුෂ නානායක්කාර මැතිතුමාට වීසා හදලා දුන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මට හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මැතිතුමන්ලා අමතක කරන්න බෑ. ඔවුන් අමාත්‍යධූර බාරගන්නකොට ජනාධිපතිතුමාගෙන් කරපු දෙවැනි ඉල්ලීම තමයි රන්ජන්ට නිදහස ලබා දෙන්න කියන එක.
“කලාකරුවන් මා වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඔවුන් සියලු දෙනාටම වෙන වෙනම ස්තුති කරන්න මා වෙනම දිනයක විශේෂ හමුවක් සංවිධානය කරනවා. “
මා අසරණවෙලා ඉද්දි මට වතුර බෝතලයක් බත් පැකට් එකක් අරන් ආපු හැම දෙනාටම ස්තුතියි. “
ඒ වගේම ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මම වෙනස් වෙයිද කියන එක. මා බය වෙලාද. පක්ෂ මාරු කරයිද කියන එක. , ඒව මගෙ සිලබස් එකේ නෑ. මේ පොඩි වාරණයක්. වැඩිය ඒ ගැන කිව්වොත් අපිට ආයෙ මේ විදිහෙ ප්‍රෙස් එක්ක කරන්න වෙන්නේ නෑ. ආයෙ ඔයාලට වැලිකඩ ඉස්සරහට එන්න වෙනවා.“
මේ අවස්ථාවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ දේශපාලනය කළ හැකි සේ රන්ජන්ගේ මානව අයිතිය ස්ථාවර කරගත් දිනයක ලැබෙන මුල්ම අවස්ථාවේ ජාතික ලයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගැනීම සිදුකරන බවය.
පුවත්පත් සාකච්ඡාව –