පක්ෂ මහලේකම්කමේ වැඩ ගැන චන්ද්‍රිකාගෙන් දයාසිරිට සැර ලිපියක්

අප්‍රේල් 5 දිනට කැඳවා ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම නීති විරෝධී එකක් බවත් වහාම එය අවලංගු කර, කඩිනමින් පක්ෂයේ ආසන මධ්‍ය සංවිධාන පිහිටුවා, පාක්ෂිකයන්ට අසාධාරණයක් නොවන පරිදි පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට විවේචනාත්මක ලිපියක් යවා ඇත.

පක්ෂයේ හිටපු සභාපතිනියක සහ පක්ෂය නියෝජනය කළ හිටපු ජනාධිපතිවරියකද වන තමන් පක්ෂ ව්‍යවස්ථාවේ 12 (01) i වගන්තිය ප්‍රකාරව නිල බලයෙන් පක්ෂයේ සිටින එකම අනුශාසකවරිය බව පවසමින් මෙම ලිපිය යොමු කර ඇති අතර තමන්ද තවමත් පක්ෂ ව්‍යවස්ථාවේ 11(¥iii) වගන්තිය අනුව තමන් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකාවක බවද පක්ස මහලේකම්වරයාට අවදාරණය කර ඇත.

පක්ෂයේ වැදගත් රැස්වීම්වලට මහලේකම් දයාසිරි යසේකර මහතා විසින් හිතාමතාම තමන් නොකැඳවන්නේ පක්ෂය නොමග යවමින් ඔහුට පෞද්ගලිකව වාසිවන තීන්දු ගැනීම සඳහා බවත් ඔහු සිදුකරන කුමන්ත්‍රණවලට තමන් එරෙහි වන බැවින් තමන් නොකැඳවන බවටත් චෝදනා කරන හිටපු සභාපතිනිය, 2021 පෙබරවාරි 25 දින පවත්වා ඇති පක්ෂයේ විධායක සභා රැස්වීම සහ නිලවරණයද පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව සිදුකර ඇතිබව පැහැදිළි කරයි.


එහෙයින් පක්ෂ ව්‍යවස්ථාවේ 11වන වගන්තියේ සඳහන් සියලු නියෝජිතයන් කැඳවා නීත්‍යානුකූළ විධායක සභා රැස්වීමක් පවත්වා පක්ෂයේ නව නිලධාරීන් පත්කරගන්නා ලෙසද ඇය පක්ෂ ලේකම්වරයාට මෙම ලිපිය මඟින් දැනුම් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට යවා ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

Exit mobile version