පක්ෂ නායකයෝ රැස්වෙති – ඉක්මනින්ම කළ යුතු දේ ගැන කතා කරති!

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නියෝජිතයන් අද (18) පස්වරුවේ හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදි පවතින  අර්බුදය හමුවේ කඩිනමින් ගත යුතු පියවරක් ලෙස 21 වැනි ආණඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ගෙන ඒ මත් 19 වැනි සංශෝධනයෙන් තිබූ ඇතැම් සාධනීය ප්‍රතිපාදන බලාත්මක කිරීමත්  පිළිබදව  සාකච්ඡා වී ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරාධනයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී     වත්මන් තත්ත්වය තුළ ජනතාව අපේක්ෂා කරන ඇතැම් සාධනීය යෝජනාවන් රැසක් පිළිබඳව ද අවධානය යොමු විය.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති සංශෝධනය කිරීම,  විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කිරීමට හැකිවන පරිදි සංශෝධන සිදුකිරීම, රාජ්‍ය කොන්ත්‍රාත්  සඳහා ලංසු කැඳවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීම තහනම් කිරීම සහ රජයේ කොන්ත්‍රාත් තුළට විනිවිද භාවය තහවුරු කිරීම සඳහා සංශෝධන, දේශපාලඥයන් සහ  ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයන් විසින් අනීතිකව උපයා විදේශ බැංකු හෝ මූල්‍ය ආයතනයන්හි තැන්පත් කර ඇති බවට හෙළි වන වත්කම් රජයට පවරා ගත හැකි වන පරිදි අණ පනත් සංශෝධනය, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිධුරයට පත් කිරීම තහනම් කිරීම  ඇතුළු  යෝජනා රැසක් මීට අයත් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ පුරවැසියන් අපේක්ෂා කරන්නේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන දක්ෂ, දූෂණයෙන්  තොර පාලනයක් බැවින් ඒ සඳහා  සියලු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විවිධ ස්ථර නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඒ අනුව ඒ සඳහා අවශ්‍ය  ඉදිරි පියවර කඩිනමින් ගැනීමට සියලු දෙනා එක්වන ලෙසත් කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version