නොරොච්චෝල ජනන යන්ත්‍රයක් අක්‍රීය කළේ බොයිලේරුවක වාෂ්ප කාන්දුවක් නිසා… ! ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය…

නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

කිර්ති ප්‍රනාන්දු – 

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ තුවැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවක සිදුවී ඇති වාෂ්ප  කාන්දුවක් හේතුවෙන් ආරක්ෂිතව එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම ආරම්භ කර ඇති බවත්  අද සවස් වන එය මුළුමනින්ම ක්‍රියා විරහිත කිරීම සිදුවනු ඇති බවත්  ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති  ඒජීයූ නිශාන්ත  ලංකාසරට පැවසුවේය.

ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත

සති දෙකකට ආසන්න කාලයක් මෙම අලුත්වැඩි කාටයුත්ත නිම කිරීමට ගතවනු ඇතැයි පවසන සභාපතිවරයා රජයේ ප්‍රතිපත්තිය කප්පාදුවකින් තොරව විදුලිය ජනනය කිරීම නම් වැඩිමනත් ප්‍රමාණයක් ජල විදුලියෙන් සහ කැලණිතිස්ස නැප්තා බලාගාරයෙන් අනතුරුවත තවත් හිඟයක් වේ නම් එය ඩීසල් බලාගාරවලිනුත් උත්පාදනය කරනු ඇති බව කීවේය.

මේ තත්ත්ව තුළ වැඩි වශයෙන් ඩීසල් ඉන්ධනය හරහා විදුලිය ජනනය සිදුවහොත් විශාල මුදලක් වැය වනු ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති  ඒජීයූ නිශාන්ත  මෙසේ ද පැවසීය.


නිතරම කියපු කාරණයක් තමයි තමන්ගේ කාර්ය භාර්ය  හරියට යාන්ත්‍රික ඉංජිනේරුවන්ට   ආයතනය තුළ නිසි ක්‍රමවේදයක් නෑ කියන එක.   මේ පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕන.  මේ අයගෙන් හරියට රාජකාරි කටයුතු වෙනවද නැද්ද කියලා බැලිය යුතුයි.

“ඒ නිසා ආයතනය මෙවර ප්‍රතිව්‍යුහගතකරණයේ දී   මානව සම්පත් කාර්ය සාධන විගණනයක් කරන්න ඕන කියන යෝජනාව අප කරලා තියනවා. ඒ තුළින් තමයි අපට  ස්ථිරව නිගමනයකට එන්න වෙන්නේ. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ වගේම  විකල්ප බලාගාර නැති නිසා දිගටම ලක්විජය බලාගාරය  දුවන්න සිද්ධ වෙලා තියනවා.   නඩත්තුව ගැන  නොසිතා එක දිගට දුවන්න සිදුවීමත් නඩත්තුව හරි විදිහට කළමනාකරණය කරලා එය සිදු කරන්න  එම නිලධාරීන්ට  ඉඩ නොදීමත් නිසා මේ තත්ත්වය ඇති වෙනවා කියලා අප පෙන්වා දී තියනවා. “

 

Exit mobile version