නොගැලපෙන ඇඳුම් සහිත නත්තල් ටීවී ෂෝවලට අගරදගුරුතුමන්ගෙන් රතු එළියක්

නත්තල යනු හුදෙක් විනෝදශීලී උත්වසයක් නොව කිතුණුවන්ගේ ආධ්‍යාත්මික උත්සවයක් බැවින් නත්තලට නොගැලපෙන ඇඳුම් පැළඳුම් සහිත උත්සව පිළිබඳ ප්‍රචාරයක් ලබා දී නත්තලට වැරදි අර්ථ කථනයක් නොදෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා ඉල්ලා සිටී.

උන් වහන්සේ අද දින පැවැති මාධ්‍ය හමුවකදී අදහසක් දක්වමින් පවසා ඇත්තේ පසුගිය වසරවල නත්තල වෙනුවෙන් විකාශය කළ ඇතැම් රූපවාහිනි වැඩසටහන්වලදී නත්තලට නොගැලපෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු අය එයින් ප්‍රදර්ශනය කළ බවය. එයින් නත්තලේ සැබැ අර්ථය සැඟවෙන වවත් එවැනි වැඩ සටහන් මෙවර නත්තලේදීවත් ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි අගරගුරුතුමන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගදරගුරුතුමා පැවසූයේ මෙවැනි ඇඳුම් ආයිත්තම් සඳහා ප්‍රචාරයක් දීමෙන් ඒවා නත්තලට ගැලපෙන බවට වැරදි වැටහීමක් ලැබෙන අතර එයින් ඉදිරි පරම්පරාව නොමඟ යාමේ තත්තවයක් ඇති වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම අගරදගුරුතුමන් මෙවර කොවාඩ් වසංගතය හේතුවෙන් මෙරට සෙසු ජාතීන් තම තමන්ගේ ආගමික උත්සව , අවුරුදු උත්සව සැමරූ ආකාරයෙන්ම ඉවසීමකින් යුතුව අනවශ්‍ය සැණකෙළි ගමන්බිමන් වලින් තොරව නත්තල සාමකාමීව සමරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ. එසේම සාප්පු සවාරි පවා සීමා කරන ලෙසත් අවශ්‍ය ම නම් පවුලේ එක සාමාජිකයකු පමණක් එවැනි කටයුතුවලට යෙදෙන ලෙසත් උත්වහන්සේ ඉල්ලා සිටියහ.


Exit mobile version