නෙල්ලිගල හාමුදුරුවන් ලෙස රඟපා නුවර ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගත් හතරක් අල්ලයි

මහනුවර මුරුතලාව නෙල්ලිගල පුද බිමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස ව්‍යාජ ව පෙනී හිඳීමින් පුද බිමේ සංවර්ධනය සඳහා බව කියමින් මුදල් වංචා කරමින් සිටි චීවරධාරියකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප පිට මුදා හැර ඇත.

මෙම චීවරධාරියා ඇතුළු පුද්ගලයන් තිදෙනා මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් වෙත දුරකථන ඇමතුම් ලබා දී ආධාර මුදල් රැස් කොට ඇති අතර මහනුවර ප්‍රධාන පෙළේ වෙළෙඳ අයතනයකින්ද මෙලෙස මුදල් ලබා ගැනීමට යාමේදී නෙල්ලිගල විහාරයේ දායක පිරිසක් විසින් පොලිසියට හසුකර දී තිබේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මහනුවර ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ සහයකයකුද සිටින අතර මෙම ප්‍රධාන වෙළෙඳ ආයතනයට දුරකථනයෙන් කතා කොට විහාරාධිපති හිමියන් ලෙස පෙනී සිටිමින් තම නියෝජිතයකු එවන බව සඳහන් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ගෙන්ද මුදල් එකතු කරද්දි විහාරාධිපති හිමියන්ට හිතවත් මුස්ලිම් ජාතික පිරිසක් විසින් මේ බව දැනුම් දීමෙන් පසුව පොලිසියට හසු කර දීමට සමත්ව ඇති බව වාර්තා වේ.

Exit mobile version