නුවර ශ්‍රවනාගාර ගින්නේ කෝටි 6ක පාඩුව හිටපු  නගරාධිපති ඇතුලු 07කගෙන්  අය කරගන්න නිර්දේශයක්..

මීට 13 වසරකට පෙර ගිනිගෙන විනාශ වූ මහනුවර ඩී. එස්. සේනානායක  පුස්තකාල ශ්‍රවනාගාරයේ තක්සේරු වටිනාකමවන රුපියල් කෝටි හයකට ආසන්න මුදල එවකට  මහනුවර මහ නගර සභාවේ   සිටි නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරිය ඇතුළු 07 දෙනෙකුගෙන් අයකළ යුතු බව එම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා පළාත් පාලන ලේකම්වරයා  විසින් පත්කළ ත්‍රිපුද්ගල මණ්ඩලයක් මගින් නිර්දේශකර කළේය.

මහනුවර ඩී.එස් සේනානායක පුස්තකාල  ශ්‍රවනාගාරය 2007 පෙබරවාරී මස 02 දින ගිනි ගැනීමට ලක් වී මුළුමනින්ම පාහේ විනාශ වුණේය.

මෙම සිද්ධියට අදාළව එවකට සිටි නගරාධිපති එල්.බි. අළුවිහාරේගෙන් රුපියල්  හැත්තෑ අට ලක්ෂ දොළොස් දහස් පන්සියයක් (7,812,500 .00) ද නාගරික කොමසාරිස් කේ.එම්. මීගස්මුල්ලගෙන් රුපියල්  දොළොස් ලක්ෂ පනස් දහසක් ද  (1,250,00.00 ) නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය වූ ආර්.එම්.එන්. රත්නායකගෙන් රුපියල් නව ලක්ෂ තිස් හත් දහස් පන්සීයක් ද ( 937,500.00 )   නාගරික ලේකම් ශීලා ආරියසිංහගෙන් රුපියල් හැත්තෑ එක් ලක්ෂ අසූ හත් දහස් පන්සීයක් (7,187,500.00) ද    පුස්තකාලයේ එවකට සිටි පුස්තකාලයාධිපතිනිය වූ එන්.එම්.එස්. නිල්තොටාංගගෙන් රුපියල් හැට දෙලක්ෂ පනස් දහසක්  (62,50,000.00) ද,   නාගරික ගිනි නිවීමේ ඒකකයේ පළමු පෙළ ගිනිභට ඊ.ඒ.කේ.බි.රත්නායකගෙන් රුපියල් හැට දෙලක්ෂ පනස් දහසක්  (62,50,000.00) ක් ද යාන්ත්‍රික ගිනිභට එස්.කේ.එස්. දසනායකගෙන් රුපියල් පහළොස් ලක්ෂ හැට දෙදාස් පන්සීයක්  ( 1,562,500.00) ද මුදලක් තද කරගන්නා ලෙස කමිටු නිර් දැනුම් දී තිබේ .


එම ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් තිදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් පත්කළ අතර ඔවුන්ගෙන් නිර්දේශය මත එම වන්දි මුදල අයකර ගන්නා ලෙස මහනුවර නාගරික කොමසාරිස් වරයාට දැනුම් දී තිබේ .

පළාත් පාලන සහකාර මහ කොමසාරිස් වත්සලා මාරඹේ, ගණකාධිකාරී එස්.එච් ඒකනායක, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී රංජිත් බණ්ඩාර යන අය මෙම මණ්ඩලයට ඇතුළත් වූහ

මෙම තීන්දුවට එරෙහිව අදාළ පිරිස විසින් අභියාචනයක් ඉදිරිපත්කර ඇත. ඒ අනුව අදාළ මුදල් අයකර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීම මහනුවර මහ නගර සභාව මගින් සිදුකළ යුතු බවට නීරීක්ෂණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නගර සභා ආඥා පනතේ 254 අ (2) වගන්තිය යටතේ සභාවට අයවිය යුතු මුදල් අයකර ගැනීමේ වගකීම නාගරික කොමසාරිස්වරයා සතු බැවින් අදාළ අධිභාර මුදල් සම්බන්ධව තීරණයක් ගැනීම නාගරික කොමසාරිස් විසින්  මුදල් කාරක සභාවට යොමුකර තිබේ

Exit mobile version