නුවර ලෙව්කේ මැදුරේ හිමිකරු නිමල් ලෙව්කේ තවත් දින 14ක් රිමාන්ඩ්

නඩුව මහාධිකරණයට යොමු කිරීමට සලකා බලන බව මහේස්ත්‍රාත්වරයා කියයි....

නුවර විනාශය කළ පස්මහල් නිවසේ හිමිකාර නිමල් ලෙව්කෙ යළි 27තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ අද (13) නියෝග කළේය.

පසුගිය 29 වැනිදා මෙම නඩුව කැඳවු අවස්ථාවේ දී නිමල් ලෙව්කේ  දින 14ක් බන්ධනාගත කළේය. අද ඔහුගේ නඩුව නැවත කැඳවූ විට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන්  ඇප ඉල්ලූහ. මෛත්‍රී ගුණරත්න, නන්ද සේනානායක  සහ සමන් තන්තිරිගේ යන නීතිඥවරු නිමල් ලෙව්කේ වෙනුවෙන් පෙනී සිටියහ.

එහෙත් පොලිසිය කියා සිටියේ විමර්ශන දිගටම කරගෙන යන බැවින්  ද දැනටමත් යම් යම් බලපෑම් එල්ල වී ඇති බැවින් ද ස්වාධීනව ඉදිරි කටයුතු පවත්වා ගැනිම සඳහා විත්තිකරුට ඇප ලබා දීමට එරෙහ‍ෙවන බවය.


ඒ අනුව තවත් දින 14ක් සැකකරු බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම වරද දණ්ඩ නීති සංග්‍රහයේ 298 අභිබවා යා හැකි බැවින්  නඩුව මහාධිකරණය  වෙත යොමු කළ හැකි ද යන්න සලකා බලන බව ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමය සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියේය.

Exit mobile version