නුවර පෙරහරේ ජෛව බුබුළ තුළ කොවිඩ් !

ජෛව බුබුළක් තුළ පවත්වන මහනුවර ඇසළ මහා පෙරහරින්  කොවිඩ් ආසාදිතයින් හමුවෙමින් ඇති බව වාර්තා වේ.

දැනට පෙරහර රාජකාරියේ යොදවා ඇති පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව දැනගන්නට ඇත.

මේ වනවිට විෂ්ණු දේවාලයේ නැටුම් කණ්ඩායමකින්  කොවිඩ්  ආසාදිතයන් වාර්තා වී ඇති බව  පැවසේ. මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ලැගුම් ගෙන ඇති නැටුම් කණ්ඩායම් දෙකකින් කොවිඩ් රෝග ලක්ෂණ සහිත පිරිස් හමුවී ඇතැයි ආරංචි මාර්ග කියයි.


මේ නැටුම් කණ්ඩායම් සුළු රෝග ලක්ෂණ යටතේ ඊයේ පෙරහරට එක් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද ඔවුන් පෙරහර සඳහා සහභාගී නොවන බවත්, දැනට උණ කැස්ස හා ඇඟපත වේදනාවෙන් පෙළෙන පිරිස් එම ස්ථාන තුළම වෙන් කර තබා ඇති බවත් වාර්තා වේ.

Exit mobile version