නුවර නවාතැන්ගෙන සිටි කාමරයේම මිය ගිය අයෙකුගේ සිරුරක් දින 07කට පසු සොයා ගැනේ..

දින හතකට ආසන්න කාලයක් සිය කාමරයේම මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

මහනුවර බද්යුදීන් පාසල ඉදිරිපිට ඇති ඒ ඒ ධර්මසේන මාවතේ දකුණු පස පිහිටි කඩයක පසුපස කාමරයේ පදිංචිව සිට ඇති මොහු හැත්තෑ හැවිරිදි අයෙක් බව අසල්වැසියන් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

දෛනික කුලී වැඩවල නිරතවන මොහු දින ගණනක සිට පෙනෙන්නට නොසිටි බව ද අසල්වැසියන් පොලිසියට කියා ඇත.


මළ සිරුර ඌරු මීයන් වැනි සතුන් විසින් පලුදු කර තුවාල කර තිබූ හෙයින්ද අධික දුර්ගන්ධයක් පැවතීම මත මියගොස් ඇත්තේ දින ගණනාවකට පෙර බවටද පොලිසිය සැක කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Exit mobile version