නුවර කඩාවැටුණු නිවසේ මුල් අවසරය ඇත්තේ මහල් තුනකට පමණයි

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් සුවිසල් නිවස ඉදි කිරීමේදී මුල් අවසරය ලබා ගෙන ඇත්තේ මහල් තුනකට පමණක් බවත් ඒ අනුව එහි පාදම සහ අත්තිවාරම සකසා ඇත්තේ මහල් තුනකට ගැලපෙන ආකාරයට බවත් මූලික පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බව ලංකාසරට වාර්තා වේ.

ලෙව්කේ පවුලේ සාමාජිකයකුට අයත් මෙම නිවාසේ සෙසු මහල් දෙක ඉදි කිරීමට ලිඛිත ව එම ගෘහ මූලිකයා විසින් ඉල්ලා ඇති බව අනාවරණය වුවද ඊට අදාළ අනුමැතිය අදාළ බලධාරීන්ගෙන් ලැබී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ පිළිබඳව තවදුරටත් විමර්ශණය කෙරෙමින් පවතින බව එම විමර්ශණවලට සම්බන්ධ ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.
මෙම නිවස පසුගිය 20 වැනිදා ඉරිදා අලුයම කඩා වැටීමෙන් තරුණ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා බිළිඳිය මිය යාම මහත් ඛේදවාචකයක් බවට පත් විය.


Exit mobile version