නුවරඑළිය සඳතැන්නේ බක් මහේ කංසා සැණකෙළියක්

රජය විසින් අවධානය යොමු කරනු ලැබ ඇති කංසා නීතිගත කිරීම සහ එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීම පිළිබඳව සලකා බැලීමට සහය පළ කරමින් මෙරට මුල් වරට කංසා සැණකෙළියක් සහ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම කංසා සැණකෙළිය අප්‍රියෙල් මාසයේ නුවරඑළිය සඳතැන්න උද්‍යානයේදී පෙරවරු 10.00 සිට පස්වරු 10 දක්වා පැවැත්වෙන බව මෙරට කංසා පිළිබඳ පර්යේෂකයකු වන ආචාර්ය වසන්ත සේන වැලිඅංග පවසයි.

එහිදී කංසා පිළිබඳව ශ්‍රි ලංකාවට ප්‍රතිපත්තියක් හඳුන්වා දීම වෙනුවෙන් ආචාර්ය වසන්ත වැලිඅංග විසින් රචිත ග්‍රන්ථය ජන ගත කෙරෙන අතර කංසාවල භාවිතය පිළිබඳව විද්‍යාත්මක තොරතුරු විදහා දැක්වෙන ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇත.


නුවරඑළිය සඳතැන්න උද්‍යානයේ දී පැවැත්වෙන මෙම කංසා සැණකෙළියේ දී එම උද්‍යානයේ කඳවුරු භූමියේ පෞද්ගලික මට්ටමින් කුඩා කූඩාරම් 50ක් පමණ ඉදිකර ගැනීමට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන අතර සවස් භාගයේදී රෙගේ සංගීත ප්‍රසංගයක්ද පැවත්විමට කටයතු යොදා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මෙම කංසා සැණකෙළියට විවිධ ආයතන මට්ටමින් වෙළෙඳ ප්‍රදර්ශන කුටි ගණනාවක්ද එදින විවෘත වීමට නියමිතය.

Exit mobile version