හැටන් රංජිත් රාජපක්ෂ –
වෙඩි තබාගෙන මිය ගිය නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවල මෑතක දී විවාහ දිවියට එළඹ ඇති බවත් ඔවුන් විවාහ වී ඇත්තේ මීට මාස 08කට පමණ පෙර බවත් පොලිසිය විසින් සිදු කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වී ඇත.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ඇන්ටන් දාස් (32) , නාදන් රිටා (32) නැමති අඹුසැමි යුවලකි.
![](http://lankasara.com/wp-content/uploads/2023/08/Untitled-1-3.jpg)
නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි මියගිය අඹුසැමි යුවල සැමියාගේ මව සමග නිවසේ පදිංචිව සිට ඇත.
එම මව විසින් පොලිසියට පවසා ඇත්තේ ඊයේ (07) රාත්‍රි 10.30 ට පමණ තම පුතා ලේලියට වෙඩි තැබිමත් සමග අසල්වාසින්ගේ උදව් ඉල්ලා තමන් නිවසින් පිටතට දිවගිය බවත්, එසේ ගොස් යළි නිවසට පැමිණෙන අවස්තාවේ සිය පුතාද හිසට වෙඩි තබාගෙන ජිවිතක්ෂයට පත් ව සිටි බවත්ය.
මෙරට නිෂ්පාදනය කරන ලද බෝර 12 ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර තිබේ. නුවරඑළිය පොලිසියට අනුව මිය ගිය අන්ටන්දාස් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කළ පුද්ගලයෙකි.
සිරුරු සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත් නාලක සංජිව විරසිංහ විසින් අද (08) දින පස්වරුවේ මහෙස්ත්‍රාත් පරික්ෂාව සිදු කළේය.
එහිදි මහෙස්ත්‍රාත්වරයා නුවරඑලිය පොලිසියට නියෝග කර සිටියේ සිරුර දෙක පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සිරුරු ඥාතින් වෙත භාර දෙන ලෙසය.
![](http://lankasara.com/wp-content/uploads/2023/08/WhatsApp-Image-2023-08-08-at-17.22.50.jpg)