රන්ජිත් රාජපක්ෂ
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදු කිරිමෙන් පසු භාවිතා කල ඉන්දීය ඖෂධයකින් සංකූලතා ඇති වූවේයැයි කියන රෝගීන් පහළොස් දෙනෙකු සමග සාකච්ඡා කර ඔවුන් ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමට හා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තාවක් ලබා දිමට දස දෙනෙකුගෙන් යුතු විශේෂ කමිටුවක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට පත්කළ ඇති බව එම කමිටු සමාජික සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ රත්නායක අද (01) මාධ්‍ය හමුවේ පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලද උපදෙස් අනුව පිහිටවනු ලැබූ විශේෂ කමිටුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්නගේ මෙහෙයවීම මත සංකූලතා ඇති වූ රෝගීන් සියලු දෙනා සමග විශේෂ සාකච්ඡාව සිදු කර එම රෝගින් ඉදිරි පරීක්ෂණයන් සඳහා යොමු කිරීමට බව අතිරේක ලේකම්වරයා කියා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ප්‍රතිකාර සිදුකළ පහළොස් දෙනකු හා කොළඹ ජාතික රෝහලේ අක්ෂි ප්‍රතිකාර සිදුකළ විසිපස් දෙනෙකු ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධයක් විෂවීමෙන් සංකූලතා මතු වී ඇස් පෙනීම දුර්වලතාවයට පත් වූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂඥ වෛද්‍යවරුන් දහ දෙනකුගෙන් යුතු විශේෂ කමිටුවක් ස්ථාපනය කර ඇති බවයි.
රෝහල්වලට ගොස් සංකූලතා තත්ත්වයෙන් ඇස් පෙනීම දුර්වල වූ රෝගීන් හමු වී ඔවුන් සමග සාකච්ඡා කොට වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර, ඔවුන්ගේ ඇස්වල ඇති සංකූලතා මට්ටම් හඳුනාගෙන ඉදිරි ප්‍රතිකාර සඳහා එම රෝගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු මෙම කමිටුව තුළින් සිදු කරන බව අතිරේක ලේකම්වරයා කියා සිටියේය.
මෙම පරීක්ෂණයෙන් අනතුරුව සකසන ලද වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇස් පෙනීම දුර්වල වූ රෝගීන් වෙනුවෙන් ඉදිරි කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කිරීමට නියමිත බවද අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.