නුවරඑළිය පොලිසියේ නොසැලකිල්ලත් සහරාන්ලාට වාසියක් වෙලා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් නුවරඑළිය පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ නවාතැන් පළ තුළ සිදුවූ සැක සහිත ක්‍රියාකාකරම් පිළිබඳව එහි අසල්වැසියකු නුවරඑළිය පොලිසියිට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ට කළ දැනුම් දීම් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණු බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (27) එම කොමිසම හමුවේ අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් තමන් විසින් සිදු කරන ලද විමර්ශණ පිළිබඳව ඊයේ කොමිසම හමුනෙව් කාස්ෂි දුන් උප පොලිස් පරීක්සක සංජීව සම්පත් මහතා පැවසූයේ නුවරඑළිය තකිලා ඉන් නැමැති නවාතැන් පපළට එන අමුත්තන් ඒ තුළටම වී සිටින බවටත් ඔවුන් යම් දිනක අවි ආයුධ කාතනකුඩියට ප්‍රනවාහනය කිරීම සම්බන්ධයෙන් කතා බහ කළ බවත් ඇසුණු එහි අසල්වැසියකු මේ බව නුවරඑළිය පොලිසියට දන්වා තිබේ. ඔවුන්ගේ සැක සහිත චර්යා පිලිබඳව අවධානයෙන් සිටි ඉලේසිංහ නම් මහතකු විසින් සිදු කරන ලද මෙම නිරීක්ෂණ සම්බන්ධයෙන් ඔහු නුවරඑළිය පොලිසියට දැනුම් දීමට කිහිප වතාවක් උත්සාහ කළද සාර්ථක වී නැත. ඉන් පසු පොලිස්පතිවරයා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක පිළිබඳව වරක් රූපවාහිනියේ ප්‍රචාරය වනවිට සටහන් කරගෙන තිබූ අංකයකින් ඔහු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මේ බව දන්වා තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ 2018 වසරේ මැයි මස 08 වැනිදාය. එදින පෙරවරුවේ පොලිස්පතිවරයා විසින් ලබා දෙන පනිවිඩවයට අනුව සවස 04ට පමණ පොලිස් නිලධාරීන් සිව් දෙනකු පැමිණ එම ස්ථානය පරීක්ෂා කොට ටික වෙලාවකින් පිටව ගොස් ඇත්තේ සම්බන්ධ කිසිදු සැක කටයුතු දෙයක් සොයා ගැනීමකින් තොරවය. යම් හෙයකින් ඔවුන් මේ දැනුම්දීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට ක්‍රියා කළේ නම් නිසැකවම යම් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලද බවත් නුවරඑළිය පොලිසිය මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වී නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණු බව උප පොලිස් පරීක්ෂකවරයා එහිදී ප්‍රකාශ කළේය.

Exit mobile version