නුවරඑළියේ දී පොදුජන පෙරමුණ හා ශ්‍රි.ල.නි.පය ඇවිලේ

සී.බී.ගේ මැරයන්ගෙන් රොෂාන්ට මරණ තර්ජන

රොෂාන් ගුණවර්ධන

නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක සී.බී රත්නායකගේ මැර පිරිසක් පෙරේදා (18) රාත්‍රියේ දී නුවරඑළිය ශ්‍රී ලංකා නිදහස්පක්ෂ ප්‍රධාන සංවිධායක රොෂාන් ගුණවර්ධනට ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් අනතුරුව මරණීය තර්ජන එල්ල කර තිබේ.

මෙසේ පැමිණි මැර පිරිස අතර නුවරඑළිය පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක සී.බී රත්නායකගේ සොයුරා සිටි බවත් කණ්ඩායමේ 11 පමණ සිටි බවත් සඳහන් කරමින් රොෂාන් ගුණවර්ධන මන්දාරම් නුවර පොලිසියට  පැමිණිල්ලක් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුවරඑළිය කළුතර ඇතුළු දිස්ත්‍රික් කීපයකට මෙවර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ වෙන වෙනම තරග කිරීමට තීරණය කර තිබේ. අනේක ප්‍රදේශ සඳහා මේ පක්ෂ දෙක එක්ව තරග කරයි.


Exit mobile version