නුවන් සොයිසා කැඳවයි… අයි.සී.සී දූෂණ මර්දන ප්‍රධානියා විමර්ශන අරඹයි…

විමර්ශන කටයුතු මග නැවතී ඇති දූෂණ චෝදනා කීපයක් සම්බන්ධව යළි විමසා බැලිමට ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී)   දූෂණ මර්දන ප්‍රධානී ඇලෙක්ස් මාෂල් සිය විමර්ශන කටයුතු අද (06) ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඇලෙක් මාර්ෂල්  ඇතුළු තිදෙනෙක් මෙම විමර්ශන කටයුතු සඳහා දිවයිනට පැමිණ ඇත.

අයිසීසී දූෂණ මර්දන ප්‍රධානියා ඇතුළු පිරිස මේවනවිට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ  නවාතැන් ගෙන සිටී.

වාර්තාවන ආකාරයට ඔවුන්  දහවල් 12.00ට හිටපු වේගපන්දු යවන්නෙකුවන නුවන් සොයිසා විමර්ශනයකට කැඳවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇලෙක් මාර්ෂල් ඇතුළු කණ්ඩායම තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සහ ක්‍රිකට් පරිපාලකයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Exit mobile version