නුවන් ගුණවර්ධන දිවි සැරියෙන් සමු ගනී….

Nuwan-Gunawardhana

තුෂාරී කළුබෝවිල –

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන   හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ  (8) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.

පපුවේ ඇති වූ වේදනාවකට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සුළු මොහොතකින් ඔහු දිවියෙන් සමුගෙන ඇත.

සිංහල චිත්‍රපට ගීත ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකුවූ නුවන් ගුණවර්ධන චිත්‍රපට 65 කට පමණ ගීත ගායනා කර ඇති අතර සිංහල මෙන් ම හින්දි ගීත ගායනයට ද දස්කම් පෑ අයෙකි.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කළ ඔහු රැකියාව අතරතුර ගීත ගායනයට පිවිසියේ විනෝදාංශයක් ලෙසිනි. ශබ්ද පරිපාලන ශිල්පි මර්වින් බේන්ස්ගේ මග පෙන්වීමෙන් චිත්‍රපට පසුබිම් ගායනයට යොමු වූ නුවන් නොබෝ දිනකින් ම අතිශය ජනප්‍රියට පත් විය. ප්‍රසංග වේදිකාවට ඔහු නැතුවම බැරි ගායන ශිල්පියෙක් ද විය.


“කිරි මුදූ වෙරලේ”ගීතය මෙන්ම “කඳුළින්ම ගැයු පෙම් ගීතේ” ,”ළා සඳ එලියේ” , “මා පැතු ලොකේ”, “පාවී ගියාවේ ළදේ” වැනි ගීත අතිශය ජනප්‍රිය විය.

ටෙලි නාට්‍ය ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ද වන ගයාන් ගුණවර්ධන සහ දියණිය දුලාරි ද බිරිය  රමෝනා ද නුවන්ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ව සිටීති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුවන් ගුණවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Exit mobile version