නීලිකා – ජීවන්දර කණ්ඩායමේ කොවිඩ් පරීක්ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට ලක් වෙයි…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ් පරීක්ෂණ සඳහා ප්‍රදානයන් ලබන රටවල් 05 අතරට ලංකාවත්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් ලක්ෂ 2ක පර්යේෂණ අරමුදලක් සමග රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 2ක් ලංකාවට ලබා දීමට පියවර ගනී..

ලෝක සෞඛ්‍ය සංවිධානය තරගකාරී ක්‍රමයක් මගින් ලෝකයේ රටවල් 5ක් සඳහා කොවිඩ් පරික්ෂණයන් සහ ඇන්ටිජන් පරික්ෂාවන් සඳහා ප්‍රදානයන් ලබා දිමට කැඳවූ අයදුම්පත් අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත්කළ අයදුම්පත අදාල ප්‍රදානයන් ලැබීමට තෝරාගත් රටවල් පහෙන් එකක් ලෙස තෝරාගෙන ඇති බව එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා අංශයට නව පර්යේෂණයන් සඳහා ඩොලර් ලක්ෂ 2ක ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 2ක ප්‍රමාණයක් ලැබෙනු ඇති බව ඔහු කීවේය.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතන අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දරෙගෙන් විමසු විට ඔහු සඳහන් කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් පරික්ෂණයන් සඳහා ප්‍රදානයන් ලබා දීමට කළ අයදුම්පත් කැඳවීමට අනුව තමා හා මහාචාර්ය නීලිකා මලවිගේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අදාල අයදුම්පත ඉදිරිපත් කළ බවත් එම අයදුම්පත ලෝකසෞඛ්‍ය සංවිධානය විසින් තෝරාගෙන ඇති බවත්ය.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයන් රට වෙත ලැබෙනු ඇති බවද ආචාර්ය ජීවන්දර සඳහන් කළේය.

මෙහිදී ලැබීමට නියමිත රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 2ක ප්‍රමාණයෙන් අසාත්මිකතා අංශයට අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බැවින් ඉතිරි ඒවා වෛද්‍ය සැපයුම් අංශයට ලබා දීමට බලාපොරොත්තුවන බවද ආචාර්ය ජීවන්දර පැවසීය.

මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කර ඇති හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත කර ඇති ඒවා බවද ඔහු සඳහන් කළේය.

Exit mobile version