නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කරයි!

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න එම ධුරයන් ඉවත් කොට වහාම ක්‍රියාත්මක වන පරිදි  ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර තිබේ. ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාර දීමට නියමික බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පැවැත්වීමට සැලසුම් කළ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලුම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් මඟින් දැන්වීම හේතුවෙන් විවේචනයන්ට ලක් වූ නීල් බණ්ඩාර හපුහින්න මහතාට ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හමුවේ සමාව ඉල්ලීමට පවා සිදුවූ අතර එහිදී ලේකම්වරයා පවසා සිටියේ තමන් එම ලිපිය නිකුත් කළේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද අගමැති දිනෙෂ් ගුනවර්ධන එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලය  නොගත් බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු තවදුරටත් විවේචනයට ලක්වූ අතර පසුගිය තොරතුරු පනතට අනුව පාරශ්වයක් වසින් කරන ලද සොයා බැලීමකදී ඔහු එම නියෝය කළේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවක් බව හෙළි විය.

Exit mobile version