නීරෝගී දරුවන්ට කොවිඩ් එන්නත දෙන්න තීන්දු කර නෑ… එන්නත් ඉල්ලමින් රෝහල් වෙත එන්න එපා…

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ය හේමන්ත හේරත්  කියයි...

kids vaccine

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝගි දරුවන් එන්නත්කරණයට ලක් කිරීමට තවමත් තිරණය කර නොමැති බැවින් එවැනි දරුවන්ට එන්නත ලබා දෙන්නැයි ඉල්ලමින් රෝහල්වෙත නොපැමිණෙන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

උපත් ආබාධයන් සහ විවිධ සංකූලතාවන් පවතින  අවුරුදු 12 – 19 අතර වයසේ පසුවන  දරුවන් සඳහා පමණක් එන්නත්කරණය ආරම්භ කර ඇති නමුත් විශේෂඥ එන්නත් කමිටුව මගින් නිරෝගි දරුවන්ට එන්නත ලබා දීමට තවමත් නිර්දේශ ලබා දී නොමැති බවද විශේෂඥවරයා සඳහන් කරයි.

නිරෝගී දරුවන්ට එන්නත් ලබා දිම සම්බන්ධයෙන් ලොව පුරා පවතින දත්ත වාර්තාවන් ප්‍රමාණවත් නොවන බවත් දැනට තිබෙන වාර්තාවන් විශේෂඥ කමිටුව මගින් අධ්‍යනය කරමින් පවතින බවත් හෙතෙම පෙන්වාදේ.


මේ වන විට සංකූලතාවන් පවතින දරුවන්ට එන්නත ලබා දෙනුයේ රෝහලක් තුළ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ වන අතර නිරෝගී දරුවන්ට එන්නත් ලබාදීමට තීරණය වුවහොත් එයද  විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ  ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය හේමන්ත  සඳහන් කරයි 

Exit mobile version