නීතිය ක්‍රියාත්මකයි… අරගල භූමියට ගසා රට ගිනි තැබූ උන්ට නොවෙයි…

මන්ත්‍රී නිවාසවලට පහර දුන් 08ක් අත්අඩංගුවට...

රට තුළ පසුගිය 09 වනදා ඇතිවූ කළහකාරී තත්වය අතරතුර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ නාවලපිටිය පිහිටි කාර්යාලයට පහරදුන් සැකකරුවන් සිව් දෙනෙක් සහ  අමාත්‍යවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවෙස්වලට පහරදී අලාභ හානි සිදුකිරීම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙක්,  අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවෙස් වලට පහර දුන් සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සැකකරුවන් 16 දෙනෙකු සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයකදී සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගත් අතර මෙම සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු ස්වාධීනව පෙනී සිටියහ.නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලවීර වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රුපියල් ලක්ෂයක් බැගින් වූ පුද්ගලික ශරීර ඇප මත මුදා හැරිනි. අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිමිනමක් ද වන බව පොලිසිය සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරාගේ නිවෙස්වලට පහර දීම සම්බන්ධයෙන්  චෝදනා ලද 05 දොනා අද (14) සවස ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන    අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුවන්ල බන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක   නියම කළාය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ පසුගිය 09 වනදා ඇතිවූ කළහකාරී තත්වය අතරතුර නිවාස ගිනි තැබීම්, පහරදීම් සහ අලාභ හානී සිදු කිරීම් වලට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළ නමුත්  ගාලුමුවදොර අරගල භූමියට පහර දුන් එක් සැකකරුවෙක් හෝ අත්අඩංගුවට ගැනීමට ගෙන නැති බව මේ වන විට පොලිසියට චෝදනා එල්ල වී ඇත.


Exit mobile version