නීතියෙන් අමුඩය ගසා දේශපාලකයින්ට කඩේ යන්න කලින් පොලිසියට හිතන්න යමක්…  චොකාමල්ලි අල්ලන්න එපා කී හිටපු SDIG අවුරුදු 05කට හිරේ… 

මරණීය දණ්ඩනය හිමිවූ චොකා මල්ලි අභියාචනාධිකරණයෙන්  නිදොස්කොට නිදොස් වී පාර්ලිමේන්තුවේ...  

වර්ෂ 2015 ජනවාරි මාසයේ සිදුවූ මිනී මැරුමක් සම්බන්ධයෙන් එවකට  නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ ප්‍රේමලාල් ජයසේකර ( චොකා මල්ලි) සැක පිට   අත්අඩංගුවට ගන්නට උත්සාහ කිරීමේ දී ඔහුව අත් අඩංගුවට  නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට වරදකරු වූ සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණය විසින්  වසර 05ක සිර දඬුවමක් අද (25) නියම කළේය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර පහක සිර දඬුවම මෙන්ම රුපියල්  විසි දහසක දඩයක් ද   පනවනවමින් උක්ක දණ්ඩන නියෝගය නිකුත් කරන ලද්දේ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසිනි.

වර්ෂ 2015 ජනවාරි මස 05 වැනිදා කහවත්ත ප්‍රදේශයේ සිදුවූ මෙම ඝාතනය සිද්ධියටත් පුද්ගලයින් කීප දෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල කිරීමටත්  වරදකරු කර  රත්නපුර මහාධිකරණය මගින් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට  මරණීය දණ්ඩනය ලබා දුන්නේය

අනතුරුව ප්‍රේමලාල් ජයසේකර ඉදිරිපත් කළ අභියාචනාව සලකා බැලූ  අභියාචනාධිකරණයෙන්  ඔහුව නිදොස්කොට නිදහස් කළේය. ප්‍රේමලාල් ජයසේකර ( චොකා මල්ලි)  වත්මන් වරාය හා ගුවන් සේවා ර‍ාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේය.


ඒ වකවානුවේ මෙම මිනී මැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කහවත්ත පොලීසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස   එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර හඳුනාගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව පොලිිසය ඔහුව  අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී  ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රීට ඒ වකවානුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  විසින්    බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම  චෝදනා ගොනුකර තිබුණි.

Exit mobile version