නීතියට වංගු දැමූ චන්ද්‍රෙස්නගේ කෝටි හැත්තෑවේ කාබනික පොහොර මගඩිය හෙළි වෙයි…

නීති අධ්‍යක්ෂ බෑ කියද්දී කාබනික පොහොර හදන්න ඉඩම් කොමිසමෙන් නීති විරෝධී ව කෝටි 70ක් අරන් !. කාබනික හීනයේ තවත් ප්‍රතිඵලයක්...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අසාර්ථක කාබනික පොහොර  වැඩ සටහන සඳහා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි පවසමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු රුපියල් කෝටි 70ක් නීති විරෝධී ලෙස යොදවා ඇති බව වාර්තා වේ.

හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න  ගේ නියෝගයන්ට අනුව මෙම මුදල් ලබාගෙන අනුරාධපුර ප්‍රදේශයේ  කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එම මුදල් නීති විරෝධි   අයුරින් යොදවා ඇති බව ඊයේ (05) සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළේය.

එම පුවත් පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන නාමිනි විජේදාස විසින් වාර්තා කරනු ලැබ ඇති පරිදි  එවකට ඉඩම් අමාත්‍ය  එස්.එම් චන්ද්‍රසේන 2021  වසරේ ජූලි මාසයේදී රුපියල් මිලියන 700ක මුදලක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් යොදා ගන්නා බවට පවසා තිබිණි.

ඒ අනුව මෙලෙස නිපදවන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යංශයට අලෙවි කොට ඉන් ලැබෙන මුදල් යළි අයෝජනය කර පොහොර නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නා බවටද  දක්වා ඇති එම   කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.


එලෙස මෙම ව්‍යාපෘතියට මුදල් වෙන් කරවාගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා විසින් 2021 වර්ෂයේ ජුනි මාසයේදී කොමිෂන් සභාවේ අරමුදල්  මෙවැනි ආයෝජන ව්‍යාපෘතිවලට  යොදා ගැනීම නීතියට පටහැනි බවට පෙන්වා දී තිබියදීය.

ඔහු මෙලෙස  ලිඛිත ව  අදහස් දක්වා ඇති අතර  එහිදී පෙන්වා දී ඇත්තේ කොමිෂන් සභා පනතතේ 53 වගන්තියට අනුව අරමුදල් යොදා ගතහැකි ආකාරය ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.  ඒ අනුව ව්‍යවස්ථානුකූලව කොමිස්මට එම අරමුදලයේ මුදල් වැය කිරීමට බලය හිමිවන්නේ කොමිසම විසින් දරණ වියදම් පියවා ගැනීමට පමණක් බවද එම පුවත් සඳහන් කරයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ලාභ උපයන ව්‍යාපාරවලට එහි අරමුල් නීතිමය බලයක් නොමැති බවත් පනතේ 44 කොටසේ කොමිසමට මුදල් අය කරගැනීමට හැකියාව පවතින ක්‍රියාවන් පිළිබඳවද පැහැදිලි කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

මේ අතර අදාළ කාබනික පොහොර නිපදවීමෙ කටයුතු විශාල වශයෙන් කොමිෂන් සභාවට අයත් නොවන භූමවල සිදුකර ඇති බවත් එයද කොමිෂන් සභා පනත පටහැනි බවද වාර්තාවේ.

අදාල  යෝජනාව එවකට අමාත්‍යරයාව සිටි එස්. එම්. චන්ද්‍රසේන විසින් ඉදිරිපත් කර ඇති බවත් එහිදී මෙම කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘතිය උතුරුමැද පළාතෙන් 2021 මැයි මාසයේදී ආරම්භ වීමට යෝජනා කර ඇති බවද වාර්තා වන බව එම පුවත් පත පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම යෝජනාවට එවකට මුදල් අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ ද සිය සහය ලබා දී ඇති බවද  2021 ජූනි 7 වැනිදා මහින්ද රාජපක්ෂ උතුරුමැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක නියමු ව්‍යාපෘති 35ක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කර ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

Exit mobile version