නීතිපති යළි කිව්වත් කොවිඩ් විමර්ශනය තවමත් CCDයේ

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ඇතිවීමට හේතු වූ කිසියම් පුද්ගලයකුගේ නිලධාරියකුගේ හෝ කණ්ඩායමකගේ නොසැලකිලිමත්කම හෝ කුමන හෝ හේතුව පිළිබඳ සොයා බැලීමේ විමර්ශනය තවමත් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ පවතින බවට වාර්තා වේ.

එහෙත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දෙවැනි වර ලිඛිතව උපදෙස් දී තිබුණේ එම විමර්ශනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී විවිධ කොට්ඨාශවලින් ජේෂ්ඨ, දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් යුතු ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත්කරන ලෙසට ය.

පළපුරුදු සහ දක්ෂ නිලධාරීන්ගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද නියෝගය කොළඹ අපරාධ කොට්ඨාශයට යොමු කිරීමක් පමණක් සිදු වී ඇති බවට නීතිපතිවරයාට පෙනීගොස් ඇත.


මෙම සිද්ධියේ මහජන වැදගත්කම, රටේ උද්ගතව ඇති හදිසි සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ විමර්ශනය සදහා වෙනත් කණ්ඩායමක් පත් කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණේ ඉන් පසුවයි.

එම විමර්ශන සඳහා මේ වන විටත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවත් නීතිපතිවරයාට දැනගන්නට ලැබී ඇත.

පසුගිය 26 වැනිදා වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති පසුබිමක එම කොට්ඨාශයට මේ විමර්ෂණය පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා භාරදී ඇතැයි නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම එම කොට්ඨාශයට මෙම විමර්ශනය කිරීමේ අපහසුතා පවතින බවට එහි අධ්‍යක්ෂවරයා විසින් පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

Exit mobile version