නීතිපති නියෝගයට මාසයක් පැනලා… රාජ්‍ය සේවා කොමිසම කිව්වත් දේශබන්දුව මාරු කරන නිර්දේශය පොලිස් ලේකම්ගෙන් නෑ….

දේශබන්දුට කරන විශේෂ සැලකිල්ල ගැන පෙනී ගොස් ඇතැයි රාජ්‍ය සේවා කොමිසම කියයි...

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ  ස්ථාන මාරු කිරීමට අදාල නිර්දේශ ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙතෙක් අසමත්ව ඇතැයි රාජ්‍ය සේවා කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

නීතිපතිවරයා විසින් ඔහුව ස්ථාන මාරු කරන්නැයි දැනුම් දී මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී තිබේ.

නීතිපතිවරයා විසින් එම දැනුම්දීම කර ඇත්තේ  පොලිස්පතිවරයාටය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්   ස්ථාන මාරු නොකිරීමට හේතු කොටුව අධිකරණය විසින් විමසූ අවස්ථාවේදී පොලිස්පතිවරයා අධිකරණයට දැනුම් දෙන්නේ ඒ සඳහා තමන්ට  බලයක් නොමැති හෙයින් ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවය.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාතින්  යොමු කරන ස්ථානය ගැන නිර්දේශයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් බලාපොරොත්තුවෙන්   ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉල්ලා ඇතත් මෙතෙක් එය ලැබී නැත.


දේශබන්දු තෙන්නකෝන්  සුවිශේෂි රැකවරණයක් සහ සැළකීමක් ලැබෙන බව මේ අනුව පෙනී යන්නේ යැයිද රාජ්‍ය සේවා කොමිසමට පෙනී ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේ රාජ්‍ය සේවා කොමිසම රැස්වීමෙන් අනතුරුව ඒ ගැන   විශේෂයෙන් සාකච්ඡා කිරීමටද එහි සාමාජිකයෝ සූදානමින් සිටිති.

Exit mobile version