නිසි වැඩපිළිවෙළක් එන තෙක් ශ්‍රී ලංකාවට අලුත් ණයක් දෙන්නේ නෑ – ලෝක බැංකුව කියයි

දරුණු ආර්ථික අර්බුදයකට පත්ව තිබීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව කෙරෙහි සිය කණස්සල්ල පළ කරන නමුත් ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු   ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා නොදෙන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුවේ ශ්‍රි ලංකා කාර්යාලය විසින් මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම නිවේදනය මඟින් ලෝක බැංකුව තවදුරටත් අවධාරණය කරන්නේ ශ්‍රි ලංකාවේ  ආර්ථික ස්ථාවරත්වය ඉලක්ක කර ගත් බරපතල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ශ්‍රි ලංකාවට අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතිය සහ සංවර්ධනය ඔරොත්තු දෙන සහ ඇතුළත් වන බව සහතික කිරීම සඳහා මෙම අර්බුදය නිර්මාණය කළ මූල ව්‍යුහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීම ද අවශ්‍ය බව ලෝක බැංකුව තවදුරටත් පවසයි.


කෙසේ වුවද  ඖෂධ, එල්.පී  ගෑස්, පොහොර, පාසල් ළමයින් සඳහා ආහාර සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි නිවාස සඳහා මුදල් හුවමාරු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය මඟහරවා ගැනීම සඳහා දැනට ශ්‍රි ලංකාව වෙනුවෙන් වෙන් තොට ඇත ණය කලඹේ  පවතින ණය යටතේ සම්පත් නැවත සකස් කරමින් සිටින බව සඳහන් කර ලෝක බැංකුව    අද වන විට මෙම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ලබා දී ඇති බවද සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලෝක බැංකුව විසින් දෙනු ලබන අරමුදල්  දිළිඳුම සහ වඩාත් අවදානමට ලක්විය හැකි අය වෙත ළඟාවීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්‍ෂණයක්  ක්‍රියාත්මක කරන ආයතන සමඟ   සමීපව කටයුතු කරමින් සිටින බවද එම බැංකු පෙන්වා දෙයි.

Exit mobile version