නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් රෝහලෙන් ආහාර ලබාගැනීම ඉහළ ගොස් ඇතැයි  රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් ඇතැම් රෝගීන්ට නිවාස වලින් ආහාර ගෙන ආවද මේ  වන විට එම ක්‍රමය වෙනස් වී රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් රෝහලෙන් ලබා දෙන ආහාර ලබා ගැනීමට පෙළඹී ඇතැයි අප කළ විමසුමකට පිලිතුරු දෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රටතුල පවතින ආර්ථික අර්බුධ හමුවේ නිවසින් ගෙන එන ආහාර ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බැවින් රෝහලෙන් ලබා දෙන ආහාර වේල  ලබා ගැනීමට බොහෝ රෝගීන් කැමැත්තක් දක්වන බවද අනාවරණය වී ඇත.

වෙනදාට ආහාර ලබානොගන්නා  රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද මේ දිනවල රෝහලෙන් සපයන ආහාර වේල ලබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව රෝහල් කීපයකින් අප කළ විමසුමකදී හෙලිදරව් විය..  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති!

Exit mobile version