නිවාස ගිනි තැබූ මන්ත්‍රීවරුන් 55කට තලවතුගොඩින් ගෙවල්… මහින්දටත් ගෙයක්!

නිවාස ගිනි තබා විනාශයට පත් වූ සියලු මන්ත්‍රිවරුන්ට තාවකාලික නිවාස ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.

ඒ අනුව පසුගිය දා ගිනි තබන ලද නිවාස හිමි මහජන නියෝජිතයින්ට  තලවතුගොඩ පිහිටි නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයෙන් තාවකාලික නිවාස ලබා දීමට දැනුම් දී තිබේ.

මේ අනුව තාවකාලික නිවාස හිමිවන මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව  55කි. නිවසට ගිනි තැබූ නිසා හිටපු අගමැති මහින්ද රාජපක්ෂටත් තලවතුගොඩින් නිවසක් හිමි වී ඇත.   ඔවුන් යළි ස්ථිර නිවාස සදා ගන්නා තෙක්  මෙම තාවකාලික නිවාස ලබා දී   තිබේ

විනාශ වූ නිවාස වෙනුවෙන් ඉදිරියේ දී වන්දි ඉල්ලා සිටින බව ගිනි ගැනීමට ලක් වූ නිවාස හිමි මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය  09 දා ගෝල්ෆේස් අරගල භූමියට කඩා වැදී එය විනාශ කළ  පොහොට්ටු  දේශපාලන  මැරකමින්   පසු කුපිත වූ පරිස් රටේ බොහෝ   ප්‍රදේශවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙ නිවාස ගිනි තැබීය.

Exit mobile version