නිවාස කුලියට ගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් 03ක් සහිත පාතාල කල්ලියක් කඩුගන්නාවෙන් කොටු වෙයි…

කඩුගන්නාව කදන්ගම ප්‍රදේශයේ නිවසක්  කුලියට ගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය ජාවාරම් කළ    කාන්තාවක් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් කඩුගන්නාව පොලීසිය විසින් ඊයේ  (14) අත්අඩංගුවට ගෙන තිබුණේය.

මෙම කල්ලිය පාතාල කණ්ඩායමක් ස්‍මග සම්බන්ධතා පවත්වන බවට සැක පහළ වී ඇති බවත් සැක පිට අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙක්     රුපියල් කෝටි හයක මුදල් කොල්ලයක සැකකාරියක් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ හොරණ ප්‍රදේශයේ දී ඇති වූ වෙඩි හුවමාරුවක දී තුවාල ලැබ අන්ධ වූ පුද්ගලයෙකු ද සැකකරුවන් අතර සිටින බව පොලීසිය පවසයි. ඊට අදාළ නඩුව මේ වනවිට මීගමුව අධිකරණයේ විභාග වෙමින් ඇත .

රුපියල් 25000ක කුලියක් ගෙවමින් අදාල නිවසේ පදිංචි වී මෙම කණ්ඩායම  මෙම නිවසට පැමිණීමට මාස 04කට පෙර පේරාදෙණිය කම්බිඅඩිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මාස 09 ක කාලයක් එහි රැඳී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම සිදුකර ඇත.


කන්දගම ප්‍රදේශයේ මෙම කුලී නිවසේ රැඳී සිටිමින් ද ඔවුන් ඊසි කෑෂ් ක්‍රමයට මත් ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. ඔවුන් නිවසට පැමිණ ඇත්තේ නිවෙස හිමිකරුට අත්තිකාරම් මුදලක් දී නිවස වටා තාප්පයක් ඉදිකරගැනීමෙන් අනතුරුවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාසය කළ නිවසේ තිබී හෙරෝයින් මත්ද්‍රව්‍යය මිලි ග්රෑම් 5340 ක් හා රුපියල් 62800 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම නිවසේ තිබී වාහන අංක තහඩු පහක් හා වාහන තුනක යතුරු  ජංගම දුරකතන 33 ක් වෑන් රථ තුනක්, යතුරු පැදියක් හා වෙනත් වාහන 09 කට අයත් වලංගු ආදායම් බලපත්‍ර හා රක්ෂණ සහතික පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් දිගන අඹකොටේ, දවුලගල, ගලහ ආදි ප්‍රදේශ වල පදිංචි බවට තොරතුරු ලබා දී ඇතත් ඒ  ඇතැම් තොරතුරු ව්‍යාජ ඒවා බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්යාංශයේ කඩුගන්නාව ඒකකයෙන් ලද බුද්ධි තොරතුරු මත  මෙම වැටලීම සිදුකර තිබිණි.  කඩුගන්නාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version