සුමිත් පොතුපිටිය –
මාර්ගයේ ගමන් කරමින් සිටී කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ල කෑ නාවික හමුදා සෙබළෙකු අද (23) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.
යාපනය ඩෙල්ෆ් නාවික හමුදා කදවුරේ රාජකාරි කරන නාවික හමුදා සෙබළෙකු බවත් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් , සැකකරු කළුතර උතුර ප්රදේශයේ පදිංචි 38 හැව්රිදි පුද්ගලයකු බවත් පොලිසිය කීය.
කළුතර උතුර විජේමාන්න වත්ත ප්රදේශයේ දී සිය පියාට කෑම පිගානක් ලබාදී නිවසට යමින් සිටී කාන්තාවකගේ රන්මාලය කොල්ලකාලා ඇති බවත්, ප්රදේශවාසින්ගේ සහායෙන් සැකකරු අත්අඩංගුවට ගත්බවත් පොලිසිය කීය.
සැකකරු විසින් කොල්ලකෑ රන්මාලය සහ පෙන්ඩනය සොයාගෙන ඇත.
සැකකරු අද දින සිට දින හතක් නිවාඩු ලබා සිට ඇති බවට ලියකියවිලි අනුව පෙනීයන බවත් පොලිසිය පවසයි.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල් වරුන්වන තිලකරත්න (94014) සහ ප්රසාද් (27731) වැටලීමට එක්වූහ .