නිරෝධායනය වූ අයගේ සලාක මල්ල ප්‍රමාද වන්නේ ප්‍රතිපාදන නැති නිසා නොවේ…. ගම්පහ දිස්ත්‍රික් ලේකම්

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායනයට ලක් වූ පුද්ගලයන්ට සති දෙකකට සෑහෙන බඩු මල්ල ලබා දීමට අවශ්‍ය සියලුම ප්‍රතිපාදන ලැබී තිබෙන බවත් ගැටලුව ඇත්තේ නිරෝධායනය කරනු ලබන පුද්ගලයන්ගේ ලේඛන ලැබීමට සිදුවන ප්‍රමාදය බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් පැවසුවේය.

දිස්ත්‍රික් ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ නිරෝධායනය වූ පිරිස් වෙත ලැබිය යුතු සලාක ඒකක නොලැබීම පිළිබඳව මතුවෙමින් ඇති පැමිණිලි පිළිබඳව ලංකාසර කළ විමසීමක දීය.

මෙම ලේඛන සකස් කිරීමේ ප්‍රධානම කොටසවන ලේඛන සැකසීම පැවරී  තිබෙන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බවත් ඇති වී තිබෙන වසංගතය සමග ඔවුන්ට පැවරී ඇති රාජකාරිය අතිශයින්ම සංකීර්ණ වී ඇති නිසා සිදුවන ප්‍රමාදයෙන්  නිරෝධායනය වූවනට බඩු බෙදා දීම සිදුවන්නේ මන්දගාමීව බවත් ඔහු කීවේය.    

Exit mobile version