නිරෝධායනයට යැවූ නුවර මේජර්වරයාගේ නිවස හොරු බිඳලා…

හොරුනුත් කොවිඩ් අවදානමක.... පොලිස් කණ්ඩායම් තුනක් විශේෂ පරීක්ෂණයක...

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන  මධ්‍යස්ථානයේ උපදේශකයෙක් වශයෙන් සේවය කරමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙක් වී පවුලේ සියල්ලන් සමග නිරෝධායනයට යොමු කළ නුවර බඹරදෙණියේ පදිංචිව සිටි මේජර්වරයෙකුගේ හුදකලා වූ නිවස බිඳ නිවසේ තිබූ සියලුම විද්‍යුත් උපකරණ හා භාණ්ඩ සොරාගෙන ගිය පුවතක් වාර්තා වේ.

මේජර්වරයාත්, දරුවන් දෙදෙනා හා බිරිඳත් නිරෝධායනයට යොමු කළ පසු හුදකලා වූ නිවසේ මාලු ටැංකිය ගැන සොයා බලන ලෙස මේජර්වරයා සිය සොයුරාට දැන්වූ පසු ඒ ගැන සොයා බලන්නට ඔහු නිවසට ගිය විට නිවසේ දොරවල් බිඳ ඇතුළු වී නිවස කොල්ල කා ඇති අයුරු දැක ඇත.

විද්‍යුත් උපකරණවලට අමතරව අල්මාරි කඩා බිඳ දමා රන් භාණ්ඩ හා මුදල් සොයා ඇති අයුරු වාර්තා වී ඇත. මේ සොරකම කළ හොරුන් ද දැන් කොවිඩ් අවදානමකට විවෘත වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධව පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වමින් සිටිති

Exit mobile version