නිරෝධායනයට පිරිසක් ගෙන ගිය බස් රථයක් අනතුරට..

BUS

අනතුරට ලක් වූ බස් රථය

දිනසේන රතුගමගේ –

විදෙස්  රටවල සිට ගුවන් මගින් පැමිණි පිරිසක් නිරෝධායනය කිරීම සඳහා රැගෙන ගිය  බස් රථයක්  අද (08) අලුයම  වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී කන්ටේනරයක ගැටීම නිසා අනතුරකට පත්ව තිබේ.

මෙම අනතුරෙන් මගීන්ට හානියක් සිදුව නැතත් බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

වවුනියාව ඕමන්ත පොලීසිය පැවසුවේ කිළිනොච්චිය පුනරීන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත  පිරිසක් රැගෙන ගිය බස් රථය මෙසේ අනතුරට ලක් වීමෙන් පසුව බස් රථයේ සිටි පිරිස වෙනත් බස් රථයකින් කිළිනොච්චිය වෙත යැවූ බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව ඕමන්ත පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version