නිරෝධන ඇඳිරිනීතිය බිඳ දමා ඇවිදපු තිරික්කෝවිල්   23ක් කොවිඩ් පොසිටිව්…

තවත් 44 අත් අඩංගුවවට..

covid

සුසන්ත අමරබන්දු-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධන ඇඳිරි නීති බිඳ දමමින්  තිරික්කෝවිල්  නගරයේ පුරා ඊයේ ( 24 ) පෙ.ව. 9 සිට 12 දක්වා පැය තුනක කාලය තුළ ගමන් ගනිමින් සිටී කොවීඩ් ආසාදිතයන් විසි තුන් දෙනෙකු හඳුනා ගැනීමට තිරික්කෝවිල් පොලිසිය ඇතුළු ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ විසින් කරන ලද මෙහෙයුමයකදි හැකිවී තිබේ.
තිරික්කෝවිල් පොලිසිය යුද හමුදාව  සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ තිරික්කෝවිල් රෝහලේ පිරිස් එකතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව තිරික්කෝවිල් ප්‍රධාන නගරය හරහා ගමන් ගනිමින් සිටි රජයේ නිලධාරීන් අත් හැර අනෙකුත් පුද්ගලයන් එකසිය හතළිස් දෙදෙනකු ඇන්ටිජන් පරික්ෂාවට ලක් කරන ලදී. එහිදී  23 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ. ඉන්පසු එම පිරිසෙන් තවත් 44 දෙනෙකු නිරෝධන ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ  ඔවුන් පැමිණි යතුරුපැදි සහ තීරෝද රථ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
නිරෝධන ඇදිරි නිතිය පවතින මොහොතක පුද්ගලයන්  නිවෙස්වල නොසිට මෙසේ ගමන් කිරීම තුළ රජයේ  පරමාර්ථ ඉටු නොවන නිසා මෙම මෙහෙම සිදුකර තිබේ.
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ උපදෙස් මත අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි ප්‍රදිප් කුමාර මහතාගේ මඟ පෙන්වීමෙන් තිරික්කෝවිල්  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි..ආර්.ඒ. ජෙ.බි.දෙහිගම මහතාගේ මෙහෙයවීමෙන් ප්‍ර.පො.ප.මජිඩ්, පො.ප.සමන්ත මහත ඇතුළු පොලිස් නිලධාරීන්, තිරික්කෝවිල් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීන් මේජර් එම්.වයි. අමදොරු   ඇතුළු හමුදා නිලධාරීන්, තිරික්කෝවිල්  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ තිරික්කෝවිල් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මේ  සඳහා දායකත්වය ලබා දෙන ලදී.

Exit mobile version